Sunday, August 29, 2010

කෙටි කතාවක් නොවේ............

මෙය පෟද්ගලික අත්දැකීමක් නොව, සිතින් පෝෂනය කරන ලද ගද්‍යමය ආඛ්‍යානයකි.

විශ්වවිද්‍යාලයෙන් පිට වනවාත් සමඟම රැකියාවක් සඳහා ඉල්ලුම් කෙලෙමි.සාමාන්‍ය මට්ටමේ පුද්ගලික ආයතනයක් වූ එහි රැකියාවට මා ඉල්ලුම් කලේ මා එයට විෂේශයෙන් ඇලුම් කල නිසා නොව , අත්දැකීම් ඉල්ලානොතිබූ එකම රැකියාව එය බැවිනි.ඇරත් මගේ විෂය ට අදාලව ලැබිය හැකි සාමාන්‍ය මට්ටමේ රැකියාවකි එය.එයට අදාල සම්මුඛපරීක්ෂන වට කිහිපයකින් දින 4 ක පමණ සිට පැවැත්වෙමින් තිබේ.මුලින්ම තිබුණේ written test එකයි .එහි ප්‍රතිපල වලින් ඊළඟ දිනයේදී සම්මුඛපරීක්ෂනය පැවැත්විණි. ඒ අවස්තාවේදී මගේ answer sheet පරීක්ෂකවරයා අත තිබිණි. මට රැකියාව ස්තිර වග වටහා ගතිමි.ඒ සිකුරාදාය.ඊළඟ වටයට අදාල වැඩ කටයුත්තක් සඳහා මම කොළඹ රැඳී සිටිය යුතු විය.පසු ගිය දින 4ම  මා රැඳ සිටියේ මගේ මිතුරෙකුගේ බෝඩිමේය. සැබැවින්ම එ නිවැසියන්ට ඔහු බෝඩිං කරැවෙකු නොව පවුලේම කෙනෙකි. එහෙත් අද උදෑසන හදිසියේම ඔහුගේ ගමේ අදාල කිසියම් කටයුත්තක් සඳහා ඔහුට නිවස බලා යාමට සිදු විය. 

මිතුරා නොමැතිව මේ නිවසේ රැඳී සිටීම මහ නින්දාවක් ලෙසිනි මට දැනුනේ.යන්න එන්න තැනක් නැති අසරණයෙකි මම. මා මේ සුවිසල් කොළඹ තමන්ගේ කියා බලු බල්ලෙක් නැති ඕපපාතිකයෙකුයැයි මේ නිවැසියෝ කල්පනා කරණු ඇත.මෙහි නිවැසියෝ මට ඉතා ආදරයෙන් සලකකති.එයද මා උහුලා සිටිනුයේ ඉතා අපහසුවෙනි.කිසිවෙකු මට ආදරය කරැණාව දැක්වීම මම කිසි කලක නොරැස්සමි.මට ආදරය දක්වන්නෝ තලා පෙලා දැමීමෙන් මම වියරැ ප්‍රීතියක් විඳිමි.මාතින් ඒ වරද මෙමිනිසුන්ට සිදුවීම වලක්වා ගැනීමට මම පසු ගිය දින කිහිපය මුලුල්ලේම මහත් වෑයමින් සමත්වීමි.
කිරීමට අන් කිසිවක් නැතිව නිකම්ම සිටිනා නිකමෙකු වෙනුවට කාර්යබහුල බව රගපෑමට ඉටා ගතිමි.
කිසිවෙකු මුණගැසීමට යොදා ගෙන ඇති වග පවසා ගෙදරින් පිටවීමි.
“රෑ නොවී එන්න පුතා“  ගෙහිමි අන්කල් කීවේය.
දැන් කොහි යන්නටද?විජේරාම හන්දියට පැමිණ 138 බසයකට නැගුනෙමි.දැන් ඊළඟට? කොන්දොස්තර  සිය කර්තව්‍යෙයහි යුහුසුලුය.ඉතා ඉක්මනින් මුදල් ගනි ., ඉතිරි දෙයි. ඇත්තටම ඹහු ඉතාම කාර්යබහුලය.මටත් නුඹ මෙන් කාර්යබහුල වන්නට ඇත්නම්.මට එහා පැත්තේ වාඩි වී සිටි මිනිසා ටවුන් හෝල් යන්නට ටිකට් ගත්තේය.මමත් යන්නට අන් කවර ස්තානයක් වත් සිතා ගත නොහී ටවුන් හොල් වෙත ටිකට් ගතිමි.වෙලාව හවස 3යි., මුලු හවස් වරැවම මෙහි සිටගෙන සිටින්නද?කාලය මා කෙලෙස ගෙවා ගනිම්ද?අනේ මම කොච්චර තනි වුනු මිනිසෙක්ද?මා හඳුනන කිසිවෙකු මේ විසල් පුරයෙහි නැති හැටි.අයියාවත් අන් කවර මිතුරෙකුවත් වෙත ගොස් ඔවුන්ට වාතයක් වන්නට මම නොකැමති වෙමි.අනික අද ඉරිදා බොහෝවුන් ගම්බිම් බලා ගොස් ඇති.දකුණට ද වමට ද යන්නට දැයි නොදනිමි.ආපසු හැරී යන්නට කිසිසේත් නොහැක.ජීවිතය මීට වඩා ආදරණීය විදියට මට සලකනාවනම්!මේ සියල්ල අතහැර ගෙදර දිවයන්නට සිතෙයි මට.පසෙකින් විහාරමහා දේවී උද්‍යිනය වෙයි.බොහෝවේලා සිටගෙන සිටීමෙන් ලද චිත්ත මෙන්ම ශාරීරික වේදනාවෙන්ද පෙලනා ලද මම අවසානයේ එහි යන්නට ඉටා ගතිමි.එහෙත්  ...............එහි දොරටුවෙන් ඇතුලුවෙන් කිසිවෙකු තනිව නොයති.ඉතා ආදරයෙන් තුරුලු කරගත් ආදරවන්තියක සමඟය ඇතුලු වනුයේ.මෙය දැකීමෙන් මගේ සන්තානය අඳුරු වලාවකින් වැසී ගියේය.මගේ තනි කමද ශෝකයද තවත් වැඩි විය.මා ඇතුලට ගියොත් දකින්නේ තවත් මෙවැනිම දසුන්ය.මට මා ගැන උපන් ශෝකය දරා ගත නොහැකි වනු ඇති.සමහර විට අද ඉරිදා සේවා ස්ථානයේ නිවාඩු බැවින් ඇයද ඔහු සමඟ මෙහි පැමිණ ඇති. හොඳයි මේ ස්ඵානයත් තනිකමේ බිංදු මාත්‍රයකුදු නැති නුඹලාම අරක්ගෙන.තනිකම දරා ගත නොහැකිව මා ඇතුලු වන තුරුය මා පෙලන්නට නුඹලා බලා සිටිනුයේ.ප්‍රිය මිතුරනි මෙතැනත් නුඹලාම විනෝද වෙයන්.සැබැවින්ම මෙය “විනෝද උයනකි“. විනෝද උයන් තනා ඇත්තේ අප වැනි තනි වූ ප්‍රාණීන්ට නොව නුඹලා වැනි ප්‍රීතිමත් මිනිසුන්ටය. නුඹලාට කිමද මා බාධා කරන්නේ?
ආපසු හැරී බස් නැවතුමටම ආවෙමි.දැන්?  හැම බස් රතයේම නාම පුවරු දෙස බලාපොරොත්තු දල්වා බලා සිටින කාර්යබහුල මගියෙකුගේ චරිතය මඳවේලාවක් නිරූපනය කලෙමි.ටවුන් හොල් හරහා යා හැකි සියලුම මාර්ගවල එක බසයක්වත් මා සිටි ස්තානය පසු කරන්නට ඇති.තවත් කොපමණ කාලයක් මේ රංගනය කරන්නටද? කොල් එකක් වත් එනවා නම්!ඒත් මට කෝල් කරන්නට ඉන්නේ කවුද?
හදිසියෙම මට මරදානට යා හැකි වග සිහි විය.එහි පොත් සාප්පු වල ඇවිදිමින් පොත් අතගාමින් මඳ වේලාවක් ගත කල හැකිය.එහෙත් අද ඉරිදා මරදානේ පොත් සාප්පු වසන දවසයි.එහෙත් මෙතැන සිටිනවාට වඩා එහි ගොස් පොත් සාප්පු වසනා බව නොදන්නෙකු මෙන් රඟපෑමට හැකිය.හොඳයි මෙතන සිට බොරැල්ලට ගියොත් එතැන සිට පය්න්ම යා හැක.බොරැල්ල හරහා යන බස් 3ක් පමණ යන්නට දී ඉන් පසු ආ බසයෙක නැගුනෙමි.

3 comments:

  1. තනිකම කියන එක මහ වදයක් වෙලාවකට.... අනේ මලේ මොකක්ද බන්... ගද්‍යමය ආඛ්‍යානයකි කිව්වෙ... පිස්ස සිංහල පාස් උනාට ඔව්ව දන්නෙ නැත.

    මේ මේක සින්ඩියට දැම්මද... බ්ලොග් එක...

    ReplyDelete
  2. thamanta adare karana minissunta adare karanna, karunawa dakwanna. eka nindawak newe. jeewitheta minissunta adare karanna. ethakota oya thani wela kiyala danena ekak naha. jeewithe apita naraka minissu wagema hoda minissuth hamba wenawa. e labena hoda minissu athalossa, e ayage dayawa, karunawa, adaraya nathi kara ganna epa..

    ReplyDelete
  3. @පිස්සා පලාමල්ල - සින්ඩියට දැම්මා අයියේ,‘ගද්‍යමය ආඛ්‍යානයකි‘ කියලා අදහස් කලේ ගොතපු කතාවක් කියන එකයි, ඒකෙ ඇත්තම තේරුම ඒකමද කියලා දන්නෑ බොලං අයියන්ඩි.මම මේ වචනය දැකපු පොතේ නම් අදහස් කරලා තිබුනේ ඒක තමා........
    @ Shane- අසහසට බොහොම ස්තුතියි මචං,උඹ කියන කාරනය ඇත්ත,මේක පෟද්ගලිකව මගේ අත්දැකීමක් නොවෙයි.පිස්සා අයියා කිව්වා වගේ “ගද්‍යමය ආඛ්‍යානයකි“.bs.

    ReplyDelete