Wednesday, February 2, 2011

විදුලි මිතුරු 4 , වය(ර්) නැති ලෝකයක්!

ඔබට කිසියම් විදුලි උපකරනයක් ක්‍රියාත්මක කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නේ?
මුලින්ම ඒක ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරනවා නේද?
ඔබේ ජංගම දුරකතනයේ බැටරිය ලෝ වුනාම ඒක ඔබට බාධා කරමින් වරින් වර ශබ්දයක් නිකුත් කරනවා නේද?  ඉතිං ඔබට නැගිටලා ගිහිල්ලා ඒක විදුලියට සම්බන්ද කරන්න වෙනවා     
 මේ කියන්න හදන්නේ එහෙම කිසිම විදුලි උපකරනයක් ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරන්න අවශ්‍ය නැති ක්‍රමයක් ගැන.
ඔබ විදුලි උපකරනය ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරන්නෙ නැත්නම් ඒක විදුලි බලය ලබාගන්නේ කොහෙන්ද?
බැටරියකින්ද? එහෙමනම් ඉතින් ඒකෙ තියෙන අලුත් දේ මොකද්ද?
නැත, බැටරියකින් නොවේ.
එය සම්බන්ද වන්නේ ඔබ මම එදි නෙදා සම්බන්ද වන විදුලි පද්දතියටමයි!
ඒ කොහොමද?
මේ පර්යේෂනය යොමු වෙලා තියෙනේ වයර් වලින් තොර ලෝකයක් අරමුනු කරගෙන,අත්තටම විශාල වෝල්ටීයතා සඳහා මෙම ක්‍රමය ඉතා ඈත අතීතයේදි (1890 ගනන්) සාර්ථකව කරලා පෙන්වලා තියෙනවා (ටෙස්ලා විසින් ,වෝල්ට් මිලියන 100ක විදුලියක්,හැතැක්ම 26ක් ඈතට යවා, බල්බ 200කුත්, එක මෝටරයකුත් ක්‍රියා කරවා පෙන්වලා  ).ඒක වර්තමානයෙදී පාවිච්චි නොකරන්නට ප්‍රදානම හේතුව එමගින් සිදුවන ශක්ති හානියත්   වර්තමානයෙදී භාවිතා වන ට්‍රාන්ස්මිෂන් ලයින්ස් මගින් වන ශක්ති හානියත් අතර එතරම් වෙනසක් නැති නිසා. ( 5% ක් පමන )
හැබැයි අදිනෙදා අවශ්‍යතාවලට අදාල ප්‍රමානයේ වෝල්ටීයතා වයර් රහිතව සම්ප්‍රේශනය කරන්න ටෙස්ලා සමත් වුනේ නැහැ.වර්තමානයේ පර්යේශන කෙරෙන්නේ මෙන්න මේ අරමුන ජය ගන්නට.
පර්යේශකයන් ප්‍රකාශ කරනවා තවත් වසර 5 කින් පමණ එය යතාර්තයක් බවට පත් කර ගන්නවා කියලා.ඇත්ටම මේ අරමුනෙන් කිසියම් ප්‍රමානයක් ලොකය විසින් දැනටමත් ජය ගෙන අවසානයි.හැබැයි එක්තරා ප්‍රශ්නයකුත් එක්ක.ඒ තමා ඔවුන්ට හැකියාව ලබුනේ ඉතා කුඩා වෝල්ටීයතාවක් සම්ප්‍රේශනය කරන්න විතරයි.හැතැක්ම එක හමාරක දුරක් ඔවුන් විදුලිය සම්ප්‍රේශනය කලා වයර් භාවිතා නොකර, LED බල්බ් කිහිපයක් දල්වන්න තරමට එය ප්‍රමානවත් වුනා.ඔවුන්ට විශාල වෝල්ටීයතාවයක් සම්ප්‍රේශනය කරන්නට බැරි වුනු හේතුව ඔවුන් ඒ සන්දහා භාවිතා කලේ ගුවන් විදුලි තරංග වීම, ගුවන් විදිලි තරංග අති විශාල විදුලි ශක්තියක් රැගෙන යන්නට හැකියාවක් නැහැ.
.මේ සඳහා වඩා සුදුසු වෙන්නේ චුම්බක තරංග, ඒකට හේතුව චුම්බක තරංග අප අවට අති අනෙක් දේ සමග අඩුවෙන් ප්‍රතික්‍රියා කිරීමත් , හැම අතටම විසිර නොයන පරිදි දිශා ගත කිරීමේ හැකියාවත්ය.
මේ සඳහා භාවිතා කරන ක්‍රමය, එහි මූලික සිද්ධාන්තය ඇහුවොත් ඔබ පුදුම වේවි, ඇය් මේක අපිට මීට කලින් හිතුනේ නැත්තේ කියලා. මේ සඳහා පාවිච්චි වෙන්නේ අනුනාදය! (හැම වස්තුවකටම, හැම දෙයකටම එයට අදාල සන්ක්යාත්යක් තියෙනවා, ඒ තන්ගේ  විශේශ සංක්‍යාතයට ඒ වස්තුව සාර්ථකව ප්‍රතිචාර දක්වනවා, සමහර ස්වර මගින් වීදුරු බිඳින්නේ ඒ අනුව තමා) මෙහිදී සිද්ද වෙන්නේ විදුලිය ලැබිය යුතු ස්ථානය , යවන කොන සමග සම්බන්ද වීමට අනුනාදය(resonance) යොදා ගැනීමයි.නමුත් කිසියම් ප්‍රදේශයක් පුරා විදුලි තරන්ග පවත්වා ගනීමද අවශ්ය තාවයක් නිසා ගුවන් විදුලි තරංග ද අමතක කරන්නට විදියක් නෑ.
මේ සඳහා පාවිච්චි කරන නම "witricity"(wireless electricity) . ඔබ දන්නවානේ wifi (wireless fidelity), ඒ වගේ ලෝකය තව දෂකයකටත් කලින් witricity ගැන කතා කරාවි.
ඔබ පදවන්නේ විදුලි මෝටර් රථයක්,ඔබේ ගෙදර ගරාජය witricity සහිත area එකක්.හවසට ඔබ අවිල්ලා වාහනය නවත්වලා ගියාම උදේ  ඇවිල්ල ගනිද්දි වාහනයේ බැටරිය චාර්ජ් වෙලයි තියෙන්නේ.ඔබ නිවස අතුලට ගිහිල්ල ඔබේ බ්ලොග් එක ලියන්න ගන්නවා,ඒ සඳහා ඔබේ පරිගනකය විදුලියට සම්බන්ද කරන්න ඕන නැහැ.ඔබ පාවිච්චි කරනේ ලැප් එකක් නම් ඒකට බැටරියක් නැහ, මොකද හැම තැනම witricity, ඒ නිසා බැටරියක් අවශ්‍ය නැහැ.