Saturday, September 11, 2010

විප්ලවය


විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රඵම වතාවට ශිෂ්‍ය අරගලයක් ඇති විය.සිසුන් විසුන් සංවිධානය කොට තිබූ අවස්ථාවක් පාලනාදිකාරියේ අනුදැනුම නොමැතිව සංවිධානය කරන ලදැයි චෝදනා කරමින් එය නවතා දැමීමට නියෝග කෙරිනි.
ජවනිකාවේ අප්‍රසන්නම අඩවිය නම් පාලනාධිකාරිය තුන්වන වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දීමට සැලැස්වීමයි.මේ අප්‍රසන්න සිදුවීමට විරැද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා ශිෂ්‍යන් 1000ක් පමණ එකතු වූහ.සියලුම දෙවන වසර සහ තුන්වන වසර සිසුන් සිසුන්ට සැක් එක අසලට රැස් වන ලෙස අවසන් වසර සිසුන් පිරිසක් විසින් දැනුම් දෙනු ලැබිණ.ඒ ඊයේ සවස 2.30 ට පමණය.කැඳවීමට හේතුව එවන විට මා නොදැනසිටි බැවින්ද කලබලකාරී වාතාවරණයන් මට අප්‍රිය හෙයින්ද ඒ අවස්ථාවේ එහි නොයන්නට තීරණය කලෙමි.
රාත්‍රී 12 ට පමණ මම නින්දට යන්නට සැරසෙන අවස්ථාවේදී ලැබුණු දුරකථන ඇමතුමකින් විරෝධතාවය සඳහා හේතුවත් තවමත් සිසුන් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියාගේ නිවස ඉදිරිපිට විරෝධතාවය තවමත් දක්වමින් සිටිණ බව සඳහන් විය.මේ පහර දීම පිලිබඳ පොලිසියට පැමිණිලි කිරීමට ගිය සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනතිබිණි.විශ්වවිද්‍යාලයේ දේපල වලට හානි කිරීම ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාව විය. ශිෂ්‍ය පාර්ෂවයෙන් කෙරුණු එකම ඉල්ලීම නම් ප්‍රහාරයට සහභාගී  වූ නිලධරයන්  හා නියෝග නිකුත් කළ වුන්  සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි.ඒ සරල තීරණය ක්‍රියාත්මක නොකර ඒ ජඩයින්ව ආරක්ෂා කිරීමට පාලකයෝ තව දුරටත් ප්‍රයත්න දරති.ඒ අනුව මාගේ සහෝදර ශිෂ්‍යන් අරඹයා එල්ල වු පාදඩ ප්‍රහාරයට එරෙහිව නැඟීසිටීමට මා අදිටන් කර ගතිමි.මා එමොහොතේම නේවාසිකාගාරයෙන් පිටවීමි.අදාල සෟථානාය් අති විෂාල පොලිස් බලමුලුවක් ආයුධ සන්නද්ධව රඳවා තිබිණි.
ශීත සෘතුවේ වඩාත් සීතල දිනෙක රාත්‍රී 12 ට අධික සීතලෙන් ගැහෙමින්  අප හැම එකම  ශ්‍රේෂ්ට අරමුණක් සඳහා පෙලගැසුනෙමු.අපගේ රැධිරයෙන් මේ පොලොව තෙත් වුනා දෙන්.අපගේ සිරුරු මේ පොලොවට පස් වුනා දෙන්.අතපය විලංගු ලා පහර පිට පහර දියන්.ෆැසිස්ට් වාදී පාලක නරුමයිනි, තොපිට හැකි දෙයක් කරපියව්.එහෙත් අසාධාරණයට එරෙහි අපගේ නැගිටීම නවත්වන්නට තොපිට බෑ.නිරායුධ අප ඉලක්ක කර ආයුධ මානා සිටින නිවට පොලිස් භටයිනි, තොපි මා සිරභාරයට ගතහොත් මම ඉතා චිත්ත ප්‍රීතියෙන් සිරගෙට යමි.යක්ෂයන් සමඟ සම්මුති සාකච්චා නොතිබිය යුතුය.යුක්තිය සඳහා වු මේ සටන කෙලවර විය යුත්තේ ශිෂ්‍ය විජයග්‍රහනයෙනි.සහෝදර වරුනි දුර්මුඛ වීමෙන්  හෝ අපගේ ඉල්ලීම් අතහැර දැමීමෙන් හෝ වයාපාරයට කැප වූවන් පාවාදීම සිදුවනු ඇති.


වේලාව රාත්‍රී 12.30 ට පමණ ඇත.මම මඳකට සිටි තැනම නතර විමි. මට ඉහලින්  සුවිසල් අහස් කුසවෙයි.එහි පුංචි පුංචි තාරකාවෝ දහස් ගණනක් දිලෙති.බිම සිටිනා මට ඒවා ඉතා කුඩාවට පෙනුනත් ඒ තාරකාවෝ නම් අපගේ සෙෘරග්‍රහ මණ්ංලයේ සූර්යයා මෙන්,අපගේ මුලු ‍සෙෘරග්‍රහ මණ්ඩලයට ආලෝකයද ජීවයද සපයන සූර්යයා මෙන් ,තවත් කිසියම් සෙෘරග්‍රහ මණ්ඩලයකට ජීවය සපයන සූර්යයෝය.
සැබැවින්ම මා කවුද?    ලංකාවේ හද්දා පිටිසෙරක ඉපිද නිදහස් අධ්‍යාපනයේ වාරුවෙන්ම පමණක්  පියෙන් පිය ඉහලට නැගුනෙක්මි.අපගේ අධ්‍යාපනය උදෙසා රත්තරං දෙමව්පියන් විඳි නොවක් දුක්කවේදනා මා නෙත් අභිමුව මැවීපෙණින.අනන්ත වර සිය බෙහෙත් වේලට මුදල් වෙන් නොකර අපගේ ඇස් පෑදීමට ඔවුන් කල කැපවීම සිහි වීමෙන් මට ඉකිබිඳුම් ආවේය.,එදා මා ලංකාවෙන් සමුගන්නා අවස්තාවේදී තාත්තාගේ විඩාබර දෑසේ දුටු කඳුලු මට සිහි විය.තව දුරටතු ඉදිරියට යා නොහී මගේ පය පැකිලෙන්නාසේ දැනිනි.මම ආපසු හැරැනෙමි.මගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් මම ආපසු හැරුනෙමි.මේ විරෝදතාවයට මම තවදුරටත් සහභාගි නොවෙමි.


මෙතෙක් වේලා ඝන කලු වලාකුලකින් වැසී තිබූ සෙෘම්‍ය සඳ පායා ආයේය.ඈත අහසේ දිදුල තාරකාවෝද  පිරිවරාගෙන එසඳ මා සමඟ, මා තනි වී නැති වග කියන්නට මෙන් ,මා සමඟම ,අඳුරේම , මටත් පෙර නවාතැනට පැමිණියේය.


මෙය මාගේ දිනසටහනෙන් අපුටා ගන්නා ලද්දකි,2010 03 22

5 comments:

  1. ඕවා සේරම බොරු මනස්ගාත බන්... අපිත් විශ්ව විද්‍යාලෙ ඉන්න කල් ඕවා කලා.. ඒත් දැන් මමත් නියෝජනය කරන්නෙ ධනපති පංතිය!! එක අතකින් ඉස්සරත් තාත්තා ගෙ කාර් වල යයා මම ධනපතියන්ට විරුද්ධව විප්ලව කළා

    ReplyDelete
  2. @ Hero-ඒක තමා මචං ඇත්තම ඇත්ත.“මෙතෙක් වේලා ඝන කලු වලාකුලකින් වැසී තිබූ සෙෘම්‍ය සඳ පායා ආයේය“, මෝහය කියන කලු වලා කුලෙන් හඳ වැහිලා තියෙන්නේ.

    ReplyDelete
  3. ඔය බයිලා මට තේරෙන්නෙ නැහැ බන්.. ඕවා තේරෙනවා නම් මම බිස්නස් කරන්නෙ නැහැ නෙ, අයිනකට වෙලා පොතක් ලිය ලිය ඉන්නවා නෙ..


    එක්තරා වසරක විප්ලවයක් නිසා මම ඇතුළු තව පිරිසක් පොලිසියෙන් ඇල්ලුවා. මම මිනිත්තු 10ක් වගේ කාළයකින් නිදහස් කෙරුවා. නමුත් පිරිස දවස් 6ක් විතර රිමාන්ඩ් කරලා තිබ්බෙ.. එදා තමා මම ඇත්ත තේරුම් ගත්තෙ. මම ඉපදිලා තියෙන්නෙ විප්ලව කරන්න නෙමේ, බිස්නස් කරන්න.

    ReplyDelete
  4. මටත් ඔය විප්ලව නම් නොතේරේ මලයො... මේ දවස් වල ඔලුවත් විප්ලව නොවැ මගේ

    ReplyDelete
  5. ඒක තමා මචං මට කියන්න ඕන වුනේ,ඕව කරන කිසිම කෙනෙක් ඒව කරන්න හරි හැටි හේතුව දන්නෙ නැහැ,තමන් පොඩ්ඩක් නැවතිලා හිතලා බැලුවොත් තේරෙනවා අපි කරන්න ඕන මේ රැල්ලට යන විප්ලවය නොවෙයි,හැඟීම් වලට වහල් වෙලා කවුරුත් යන රැල්ලට යන එක විප්ලවයක් වෙන්නෙ කොහොමද? හැබෑම විප්ලවය වෙන්නෙ ඕවට සහභාගි නොවී තනියම හැරිලා එන එක.මම මේකට ‘විප්ලවය‘ කියන නම දැම්මෙ එලෙස හැරී ඒමට ගන්නා තීන්දුව ‘විප්ලවය‘ක් හින්දා.

    ReplyDelete