Thursday, August 18, 2011

බබාලගේ කතාවක්.........


අද දාන්න හිටියේ හාමුදුරුවෝ සම්බන්ද පෝස්ට් එකක් උනත් ඒ අතරේ මට වෙන එකක් මතක් උනා.
සාමාන්යෙන් ඉතින් සිද්ද වෙන්නේ ප්‍රවීනයන් දිහා බලලා නවකයෝ ඔවුන්ව අනුගමනය කරන එකනේ,ඒ වුනාට ඒක අනිත්පැත්තට සිද්ද උනු අවස්තාත් තියෙනවා, ඒ අනිත් පැත්ත ගැහිල්ල හරියට කෙරුනේ නැතොත් ඉතින් නෝන්ඩි කෝටියයි.ඔය මේ දීපිකා(මදු සාද ), දිවුල්ගනේ (පාරට මල් බර වෙන්නයි ), නන්දා (රංග දසනයක සමග ) ආදී විදියට ඉතින් ඔය උල්ටා එක හරියට කලා නේ.


කට්ටිය බලලා තියෙනවානේ පහන් කන්ද, සිරසේ නිහාල් එදිරිසූරිය කලේ,(දැන් නෑ ඒක , ඉවර කලා ) ඒ වුනාට යූ බටයේ තියෙනවා , එපිසෝඩ්ස් ඔක්කොම, මමත් බැලුවේ එතනින්ම තමා, ඒකෙ වයලින් ගහන වාදිකාව හරි අපූරුවට ගහනවා නේද, ලස්සන රංගනයක් එක්ක එහෙම නේද? හරිම දැකුම්කලුයි,

ඔන්න ඉතින් මම බැලුවා අයිටීඑන් එකේ සන්හිඳ කියන ප්‍රෝග්‍රෑම් එකත්(ඒක තාම තියෙනවා), ඒකෙ වයලින් ගහන රැව්ල තියෙන මාමා ,ඉතාම දක්ශ වාදකයෙක්,කලනි නෙවෙයි, ඒ වගේ රැවුල තියෙන අනිත් සන්ගීතඥියා , බොහොම ප්‍රවීන එක්කෙනෙක් නේ.මොකද මට මතකයි අපි පොඩි එකා කාලෙත් එතුමා අපූරුවට වාදනය කලා, වැඩේ කියන්නේ ඒ කාලේ එතුමා ගැහුවේ වාඩි වෙලා, දැන් මෙන්න හිටගෙන, නට නටා ගහනවා!


අනේ ඉතින් මේක දැක්කම මට මතක් උනේ බබාලන්තය කාටූන් එක( මතකද?) ඒකේ පියරූ බබී සින්දුවක් ද කොහෙද  කියන ගමන් එයා හිටපු ස්ටේජ් එකේ තිබුනු යටින් හුලන් එන ෆෑන් එකක් බැරි වීමකින් ඔන් වෙනවා, පියරු බබී ගේ ගව්ම උඩ යනව නේ ඉතින් එතකොට, ඉතින් බබී අත් දෙකෙන්ම ගව්ම හදන්න උත්සාහ කරනවා, ඔන්න ඉතින් ඔය වෙලවේ බබාලන්තේ ටීවී බලන කට්ටිය ගොඩාක් ඉහල ගිහිල්ලා පියරු බබී ගොඩක් ජනප්‍රිය වෙනවා, මේක බලාගෙන හිටපු නගරාදිපති බබාත් වෙන දවසක, (චන්දේ කිට්ටුව ද කොහේද ) අහම්බයක් වගේ පේන්න හිතාමතාම ඒකම කරනවා, ඒ වුනාට ඒකෙන් නගරාදිපති බබාව විහිලුවක් වෙනවා.
ගත යුත්තක් ඇත්නම් ගනිත්වා!

4 comments:

  1. මටනම් තේරුනෝ....නියම කතාව...:)))

    ReplyDelete
  2. හ්ම්ම්ම්..සමාජය කොයිතරම් නම් පිරිහිලිද..ඔය වාගේ රැල්ලට ගහගෙන යන චරිත ඕනේ තරම්. ඉස්සර යමක් ගන්න තියෙන ටෙලි නාටය්‍ය වල හරි අපූරුවට නලු නිලියො රඟපෑවා හරිම තාත්වික විදියට. ගමේ පොළේ එළවලු විකුණන ආච්චී මේක් අප් දැම්මේ නෑ ඉස්සර.. හනේ අප්පේ..ඒකට දැන්! දකින්නන් වාලේ නොකළ යුතු දේවල් තේරුම් ගන්න බැරි වෙලා හරියට බබාලන්තයේ නගරාධිපති බබාට වගේ..

    ReplyDelete
  3. @ Nisupa -බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  4. වජිරදේවි - ඒක තමා, බලන ප්‍රේක්ශකයෝ මෝඩයො කියලා හිතා ගෙනයි මේ මිනිස්සු කතා ලියන්නේ,වැඩ කරන්නේ,මේ මිනිස්සු අපිව අන්දන්න උතසාහකරන හැටි දැක්කම අපි ගැනම දුක හිතෙනවා.....

    ReplyDelete