මට වයස 23 කි. මා දන්නා කාලයේ පටන් ඉස්සර අවුරුද්දේ රඟ මාද්‍ය වලින් පට්ට ගැසෙයි, පුදුමය නම් අද "ඉස්සර" මීට අවුරුදු 20 කට කලින් තිබූ "ඉස්සර" මය.එරබොදු මල්, කජු පුහුලන්,කොහා විතරද අවුරුදු කියන්නේ? ඇයි අපිට බැරි යථාර්ථයට මූන දෙන්න?"ඉස්සර අවුරුදු" කාමයෙන් අපි මිදිය යුතු වෙමු,අන්තිමට දැන් අවුරුද්ද පත්ව තිබෙන්නේ කොහා මතක් කර හූල්ලන දවසකටය, අතීත කාමයෙන් ඔද වැඩුනෝ ටීවී එකට අවුත් කොහා ගැන කියා වැලපෙන දිනයකි අවුරුද්ද, මා තබා මගේ තාත්තාවත් පොර පොල් ගසනවා දැක නැති වගට මට විශ්වාසය,එහෙව් යමක් ගැන හෙලන කිඹුල් කදුලු පිසදා ගන්නට මම රූපවාහිනි සම්පත් දාරීන්ට ආරාධනා කරමි.
අවුරුදු දා ගෙදර හැමෝම ගෙදර ඒම, නෑගම් යාම ගැන අපි කොහා ගැන සානුකම්පාවෙන් උපන් හොටු කඳුලු පිසදා දමා සතුටින් කතා කරමු. පොර පොල්, කොහා, එරබදු යනාදී ෆැන්ටසි වලින් පිබිදෙන්න.
No comments:
Post a Comment