ජීවිතය
2010 ජනවාරි 22 සිකුරාදා තැබූ සටහනක්
සේකර ගැන රසික (රසික ජයකොඩි- රිවිර ඉරිදා)‘ දවසක්දා හැන්දෑවක‘ හි ලියා තිබුනා, සේකර විෂය නොවෙතත් ඔහුගේ ‘නොමියෙමි’ ගැනයි සටහන තිබුනේ. ‘නොමියෙමි මම කියෙව්වේ 2009 ජුනි විතර.අමරෙද්වයන් සිංදුවක් කොට ගයන ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීය නිසඳැසක වේශයෙන් ‘නොමියෙමි’ හි තියෙනවා.සේකර හදවත් රෝගයකින් පෙලමින් මරණයේ දොරටුවත් ජීවිතයේ එළිපත්තත් යුගලයම ඒක විට ස්පර්ෂ කරමින් ගතකරපු යුගයක ලියවුනු නිසඳැස් ටිකක්.අන්තිම නිසඳැස ‘පුතය වගේ මම යනවා ,බස් එකෙන්ම ගෙදර යන්න’ ආදී ලෙස අවසන් කොට තිබුනා.සමහර කෙනෙක්ට ජීවිතය කියන්නේ ඒතරම්ම සරල සංකල්පයක්.මම ජීවිතය ගැන සරලව හිතන්නෙ නැහැ කවදාවත්.මම විෂ්වාස කරන්නෙ හැමෝම ජීවිතය ගැන හිතනන්න ඕන ගාම්භීර විදියට.ඒහෙත් ඒ සංකල්පය සේකරෙග් සරල ජීවන දහම අඩංගු ‘නොමියෙමි’ රස විදින්න බාධාවක් උනේ නැහැ.තමන් අදහන දර්ශනයම හරය කරගත්තු කලාංගයක් එය රසවිදින්නාට අනුව යහපත් කලා කෟතියක් වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. කලාකෘතියක් රසවිඳීම තමන්ගේ අවසාන ජීවන අරමුණට රුකුල් නොදෙන්නක් නම් එවැන්නකින් ලැබෙන ප්‍රතිපලය ඉතාම අල්පයි.කොටින්ම ඉන් අයහපත් ප්‍රතිපලයක් වුව අත් වෙන්න පුලුවන්.
මේ සංකල්පය දිව යන්නේ මම එක්තරා කලකට ඉහතදි සාදනය කරගත්තු දර්ශනයකටයි.සුපිරි පරිපූර්ණ නිදහසකට වඩා , කිසියම් අරමුණක් වෙනුවෙන් ගැතිකම් කරන හිතක මහිම ඉහල වෙයි.කොටින්ම නිදහස් මනසක් ,නිදහස් මිනිසෙක් කියන්නෙ අරමුණක් නැති හිස් මනුෂ්යෙක්.තමන් කරන කියන හැම දෙයක්ම ඒ අරමුණ වෙතම එල්ල වෙච්ච විටකදී ඒක වඩාත් ආෂ්චර්යමත්.කෙනෙක්ගේ යථෝක්ත අරමුණ කලා කෘතියකින් මිහිර සෙවීම නම්, එනම් එයම ජීවිතය කරගත්තෙකුට ඒක ප්‍රහර්ෂයක් වෙන්න බැරි කමක් නහැ.පුවත්පත් සගයෙකුට ඒක එහෙම වීම අනපේක්ෂිත දෙයක් නෙවෙයි.ජීවිතයේ කාලයක ගීතයක අර්ථය , නවකතාවක යටි පෙල සොයමින් එය සොයා ගන්නා ලදින් ,හෙරා පොලිස් කෙලියේ හොරා ඇල්ලූ පොලිස් භටයෙකුගේ ලාමක ප්‍රීතිය වින්දෙමි.ඒවා මුග්ධකම් යයි නොහඟමි.ජීවිතය ඇත්තටම මහ චමත්කාරජනක යන්ත්‍රයක්.සේකර ගැන ලියද්දි අනිවාර්යෙන්ම ලිවිය යුතු තවත් දෙයක් තියෙනවා.මට ශක්තිය දෙන්නෙ සේකරගේ නිර්මාණයක තිබුණු පද කිහිපයක්.“ජීවිතයේ තෙරක් නොපෙනෙනා දුක් අභිමුව චමත්කාරයක් වනු මැන“
No comments:
Post a Comment