Friday, August 13, 2010

විශ්වවිද්‍යාලය


කුණු වී පල් ගඳ ගසනා
පිළුණු කෑම උතුරා යයි
පිනට බෙදන දන්සලක්ය
බැතිමත්තෝ පොරකා කන

දිවා රුයේ නිදි වරලා
වෙර වීරිය කරලා
අපමණ සුව සිහින මල්ල
හිසේ තියං මෙහි ආවේ

ණැන සයුරක පහස ලබා
රිස(ර්)ච් ප්‍රොජෙක්ට් තව කරලා
පේබ(ර්)ස් පබ්ලිෂ් කරලා
පොරක් වෙන්න හිතං ආවෙ

විභාගයෙන් විභාගයට
සූදානම් වෙනවා හැරුනම
අන් කිසිවක් කරනු තියා
හිතන්නවත් නැහැ වෙලාව

සෙවල බැඳුණු බිත්ති පුරා
පුස්කෑ  ෙඩස් බංකු පුරා
අලුෙතන් සායං ගාලා
බෑ කරන්න විපරියාස

අලුෙතන් බිජුවට ඉහලා
වැටෙකාටු හැම බිඳ දමලා
නවමුව හිතනා ගුරුවරු
ෙගනත් දියව් ෙහටවත් මට

1 comment:

  1. සම්ප්‍රදායික රටාවෙන් මිදුනු අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය...

    ReplyDelete