Sunday, October 9, 2011

දහම් පාසලේදී කල කුමන්ත්‍රණය..

ලංකාවේ දහම්පාසල් අතරින් ඉතාම හොඳටම ක්‍රියාත්මක වෙන්නේ කීපයක් විතරයි නේ,ඒ වුනාට මම ගියපු එක දහම්පාසලක්වත් අවාසනාවට වගේ ඒ කැටගරි එකට වැටුනේ නෑ. මේක මම දහම්පාසල් යන්න පටන්ගත්තුම කාලේ වෙච්ච කතාවක්.

 ඔය දහම්පාසල් ගීතයේ තියෙනවානේ එක පේලියක් "ඉසිකෝ මන් හැම බිඳ හැරලා " කියලා,  ඔය ඉසිකෝ කියන වචනයේ තේරුම  මම දැන ගෙන හිටියේ නෑ, එක වසරේ එකාලා තියා ලොකු අයවත් ඕක දැනගෙන උන්නේ නෑ මං හිතන්නේ, , අනික ඉසිකෝ කියන වචනේ සිංහල වචනයක් කියලා හිතෙන්නෙත් නෑනෙ , ( "වර්චස්" කියන වචනය වගේ) .. ඉතිං පොඩි විදානරාල හිතුවා ඉසිකෝ මන් හැම බිඳ දානවා කියන එකේ තේරුම ඉස්කෝල ඔක්කොම කඩලා දාන එක කියලා! මොකද මම ඒ කාලේ හිතුවේ ඔය දහම්පාසල කියන්නෙත් ඉස්කෝල ජාතියක් කියලා, දහම්පාසල ඇරෙද්දී ගීතය මම කිව්වේ බයෙන් බයෙන් වගේ, මම හිතුවා ඕක ඉස්කෝලෙට ආරන්චි උනොත් ඉස්කෝලෙට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ වරදට බඩ කට පුරා හම්බු වෙයි කියලා.

අනික මොනවා උනත් දෙයියනේ දවස් පහක් තිස්සේ උගන්නන ඉස්කෝලෙට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ මොන හිතකින්ද? අනික එහෙම කරොත් මට ශිල්පය පිහිටන එකකුත් නෑ, ඒ නිසා මම අභීත තීරනයක් ගත්තා, දහම් පාසල් ගීයේ ඔය පේලිය නොකියා ඉන්න.
 වැඩේ කියන්නේ කිසිම යාලුවෙකුට ඉස්කෝලේ ගැන හැඟීමක් නැති හැටි, පුදුම ගුන මකුවො ටිකක් නේ! කියන හැටි ඉස්කෝලේ බිඳලා දාන්නම් කියලා!
අනිත් එක මේව ගෙදරට ආරන්චි උනොත් තාත්තාගෙනුත් හම්බු වෙයි මදි නොකියන්න!

විශ්වාස කරන්න මිතුරනි මම ඉසිකෝ මන් හැම බිඳ දාල කියන එකේ තේරුම දැන ගත්තේ ගිය සතියේ...! ඒකත් අහම්බෙන්! මම කුඩා කාලේ සිතා සිටි අන්දම මට මතක් උනේ එවිටයි.එතෙක් මට මේක අමතක වෙලයි තිබුනේ.

ප.ලි - කමෙන්ට් කල අය සඳහන් කර සිටි ආකාරයට 'ඉසිකෝ' කියන වචනයේ තේරුම සඳහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ, ඉසිකෝ කියනේ තනි වචන්යක් නොවෙයි(ලු ). ඉසිකෝමන් කිව්වම තම්යි එතන තනි වචන්යක් වෙන්නේ, ඒකෙන් අදහස් වෙන්නේ,
ඉසි - ඊර්ෂ්‍යා
කෝ - ක්‍රෝධ
මන් - මාන
ඉසිකෝ මන් හැම බිඳ හැරලා කියන්නේ , ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, සහ මානය කියන දේවල් බිඳ දමනවා කියන එකයි...
 

12 comments:

  1. එළ සීන් එකක් නේ...ඇත්තටම මොකක්ද ඕකේ තේරුම..

    ReplyDelete
  2. ඉසි කෝ මන් ක්ලබ් එකේ තවත් ය ඉන්නවා. අපිත් ඔවුවගේ තේරුම් දන ගත්තේ පස්සේ. යෝ වද තම් පව රෝමානු ජේසු කියන්නේ ජේසුස් වහන්සේ ගැන කියපු එකක් කියල ඒ කාලේ එකෙක් මට කිවුවා. ඕක ගෙදර ඇවිත් අම්මට කියල මන් හොඳට බැනුම් ඇහුවා.

    ReplyDelete
  3. අපිටත් තෙරැම කියපන්කො.

    ReplyDelete
  4. අඩේ කියන්නං වාලේ කීවාට ඒකේ තේරුම දන්නෑ කියලා මතක් වුනේ වසර ගානකට පසු මේ පෝට් එක දැක්කාට පස්සේයි .. බලහං ඉතින් අපේ හැටි ..

    ReplyDelete
  5. ඔන්න එහෙනම් ඔක්කොටම බලාගන්න තේරුම පෝස්ට් එකටම එකතු කලා.....

    ReplyDelete
  6. හි හී ඒක නම් නියමයි... ඉස්කෝලෙ කඩලා දාන්න. :D

    ReplyDelete
  7. අදනෙ මේ බ්ලොග් එක දැක්කෙ. 'හාල් පොල්ල'ට දාල තිබ්බ කොමෙන්ට් එක හින්ද අහල නැති නම කව්ද කියල නිකමට ප්‍රොෆයිල් එක බැලුවම තමා 'විදානරාල' බ්ලොග් එකක් ලියනව කියල දැක්කෙ.

    'ඉසිකෝමාන' ගැන කියන කොට මතක් වුනේ 'යෝ වදතන් පවරෝ මනු ජේසූ' එකේ දෙවෙනි පදේට ඉස්කෝලේ යන කාලේ කිව්ව එක.

    ReplyDelete
  8. ඔබා අයියා මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි,
    'යෝ වදතන් පවරෝ මනු ජේසූ'
    .........ට බාගෙට පිස්සු

    කියලා කියපු එක වෙන්ටැ ඔබා මාමා කියන්නේ?

    ReplyDelete
  9. හික් හික්.. මම දහම් පාසල් ගුරෙක් මචන්.. ඕක ගොඩක් ඇටය පැටලෙනවා.. එඅ මගේම තමයි.. චත්තමානවක ගාථා වල

    "යො වද තම්පවරෝ මනු ච්ජීසු" කියන පදය ගොඩාක් අය කියන්නේ

    රෝමානු ජේසු කියල...

    ජය...

    ReplyDelete
  10. හමි
    මේ බ්ලොගේට ගොඩවැදෙන පළවෙනි වතාව
    මොනදේ කිවුවා, කරා වුනත් , හොඳට තේරුම් බේරුම් කරගෙන කිව්වොත් , කළොත් හැමෝගෙම ඇගට ගුණයි..නැද්ද මං කියන්නේ...?
    බ්ලොගේ ටයි විදානෙරාලටයි කියවනඅයටයි හැමෝටම ජය වේවා!

    ReplyDelete
  11. මමත් විදානෙ රාළගෙ අඩවියට ආපු මුල්ම වතාව.

    දිගටම එකතු වෙන්නම් ඈ... ජය!

    ReplyDelete
  12. අපිත් ඉසිකෝමන් කියන වචනෙ තේරුම හොය හොය හිටියෙ විදානෙ රාළ වෙබ් අඩවියට බොහොම ස්තුතියි

    ReplyDelete