Friday, September 16, 2011

ගුවන් විදුලිය සොයා ගත්තේ මාකෝනි නොවේ!


අපි කුඩා කල සිටම අසා ඇත්තේ ගුවන් විදුලියේ නිර්මානකරුවා මාකෝනි ලෙසයි, එය සැබවින්ම එසේ නොවේ, එය තවත් බොහෝ ඉතිහාසික වැරදි ගොන්නෙහි තවත් එකකි.

ගුවන් විදුලියේ සම්ප්‍රේශනය(transmission) සහ ග්‍රහනය(receiving)  රඳාපවතින ප්‍රධාන සොයාගැනීම් කිසිවක් මර්කෝනි ට අයත් නොවේ, ඒ සියල්ල නිකොලොස් ටෙස්ලා ගේ නිර්මානයන් වේ. ටෙස්ලා ගැන මීට මත්තෙනුත් මම බ්ලොග් එකේ ලිව්වා, ඔහු ඉතාම දස්ක්මක් තිබුනු  ප්‍රයේෂකයෙක්,ගුවන් විදුලි තාක්ෂනය සඳහා පාදක කරගන්නා tesla coil,rotary spark gap,lump resonance, පොලොවට සම්බන්ද අන්ටෙනා කියන දේ ටෙස්ලා ගේ සොයා ගැනීම්.

මේ සියල්ල දැනගෙනත් ටෙස්ලා ගුවන් විදුලි නිර්මානය ගන නොසිතුවේද? නැහැ, ඔහු සිතුවා,හැබැයි හැම විටම වගේ ටෙස්ලා හිතුවේ මහා පරිමානයෙන්, එනම් ඔහුගේ උත්සාහය තිබුනේ ලෝකයටම එක සම්ප්‍රේෂන  මධ්‍යස්තානයක ඉඳලා මුලු ලෝකයටම සම්ප්‍රේෂනය කරන්න.එහෙම බලද්දි පෙනෙනවා ගුවන් විදුලිය කියන අදහසවත් මාකෝනිට අයිති නැති බව.

හැබැයි මාකෝනිට ගුවන් විදුලියට අදාලව නොබෙල් සම්මානයත් ඒ සමග මහා විශාල මුදලකුත් අයිති වෙනවා. අනිත් කාරනය ටෙස්ලා මේ සන්කල්පයට එළැඹෙන්නේ අධි සන්ඛ්‍යාත විදුලි සම්ප්‍රේෂනය සඳහා කරන ලද පර්යේෂන ඔස්සේ.මාකෝනි ගුවන් විදුලිය සඳහා patent අයිතියද උරුම කරගන්නවා.ටෙස්ලා කියන්නේ සම්මත පිලිවෙලට ගොඩ නැගුනු විද්‍යාඥයෙක් නොවෙයි, ඔහු සිය ඥානය මෙහෙයවපු පර්යේෂකයෙක්, ඒ නිසා තමාගේ නිර්මාණ කවර ආකාරයකට සමාජ ගත කල යුතුද කියලා ඔහුට ඒ හැටි විනිශ්චයක් තිබුනේ නැහැ, සාමාන්යෙන් අද වගේම එකලත් කලේ තමා අලුත් යමක් සොයා ගත් පසු ඒක පිලිගත් ජ’නලයක පල කරවා ගැනීම, ටෙස්ලා කලේ මේක නොවෙයි,තමා සොයා ගන්නා දේවල් ඒ ඒ වෙලාවට දේශනවලින් සමාජ ගත කිරීම, ඒ නිසා ඔහුගේ සොයා ගැනීම් සොරා ගැනීමට වෙනත් අයට අවස්ථාව ලැබුනා.

මාකෝනි තමන්ගේ නිර්මානය කොල්ල කෑම ගැන ටෙස්ලා වද වුනේ නැහැ, මාකෝනි තමන්ගේ නිර්මානයටම patent ලබා ගත්තා කියලා විතරක් ඔහු සඳහන් කරලා තිබෙනවා, ඉන් එහාට ඒ පිලිබඳ උසාවි ක්‍රියාමාර්ග  ගන්නට ටෙස්ලා උත්සාහ කරලා නැහැ, අවසානයේ ටෙස්ලා මිය යන්නේ තමන්ගේ පර්යේෂන වලට වියදම් කිරීමට වත් මුදල්  නැතුව.(ටෙස්ලා හැම විටම කලේ එක සොයා ගැනීමක් කරලා එහි අයිතිය විකුනලා ඊලඟ පර්යේෂන්යට මුදල් සොයා ගැනීමයි )

පසු කාලෙක ටෙස්ලා ගේ පවුලේ ඇත්තෝ මෙහි අයිතිය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යනවා, ඒ වෙද්දි මාකෝනි කියන්නේ අප මේ කතා කරන නිර්මාණය නිසාම අති විශාල ධනස්කන්දයක් උපයාගත්තෙක්, ඒ මුදල් ආයෝජනය කරලා ඔහු ධන කුවේරයෙක් වෙලා හිටියා, patent නඩු සම්බන්දයෙන් එවක තිබූ ප්‍රසිද්ධ රහසක් නම් වඩා බරැති පසුම්බිය සහිත පැත්තට තරාදිය බර වීමයි.ඒ අනුව ටෙස්ලා පාර්ශවය පරාජය වෙනවා.
නමුත් 1942-43 දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරනය ඉහතදී නිකුත් කරපු නියෝගය සංශෝදනය කරලා ගුවන් විදුලි තාක්ෂනයේ අයිතිය ටෙස්ලාට හිමි කර දෙනවා.

ඔබ සහ මම පාසල් යන්නේ 42න් පස්සේ නේ නේද?එසේනම් අප ලවා ගුවන් විදුලියේ අයිතිය මාර්කෝනිට ලබා දුන්නේ කව්ද?

 ප . ලි -  මේ සම්භන්ද ලින්ක් පහත දැක්වේ  
  http://amasci.com/tesla/tradio.html
  http://inventors.about.com/od/rstartinventions/a/radio.htm
  http://www.juliantrubin.com/letters/marconi_tesla.html
   මෙහි දෙපාර්ෂවයටම අදාල ලින්ක් දක්වා ඇත.
 

8 comments:

  1. හොඳ ලිපියක්. ස්තුතියි. ඒත් ඔබගේ අක්ෂර වින්‍යාසය ගැන ඉතාම තදින් සළකා බලන්න කියලා ඉල්ලනවා. ඒ වැරදි නිසා කියවන්න අපහසුයි.

    ReplyDelete
  2. මේ ගැන සම්භන්ද ලින්ක් සමඟ තිබ්බනම් ලිපිය තවත් වටිනව. අනික අක්ෂර ගැන පොඩ්ඩක් හිතන්න.

    හොඳ ලිපියක් සහ අළුත් දැනුම්ක් ගෙනාවාට ස්තූතියි!

    ReplyDelete
  3. මේ ගැන විමසිය හැකි මූලාශ්‍ර මොනවාද?

    ReplyDelete
  4. @ Ishara- බොහෝම ස්තුතියි පෙන්වා දුන්නාට, මට දකින්නට ලැබුනු වැරදි මම නිවැරදි කලා, තව ඇත්නම් කියාන්ටකෝ.

    ReplyDelete
  5. @ ඉන්දික උපශාන්ත - අකුරු නිවැරදි කලා.ලින්ක් පෝස්ට් එකට එකතු කලා.

    ReplyDelete
  6. @ විසිතුරු | visituru - මූලාශ්‍ර ලින්ක් පෝස්ට් එකට එකතු කලා,එහි දෙපාර්ශවයටම අදාල ලින්ක් දක්වා තිබෙනවා, මාර්කෝනි ට පක්ෂපාතීව කරුණු දක්වන අය කියා සිටින්නේ ප්‍රායෝගිකව එය ආදර්ශනය කලේ මාඅර්කෝනි නිසා ඔහුට එහි ගෞරවය යා යුතු බවයි, එහෙත් විද්‍යාත්මක ලෝකය ගරු කල යුත්තේ සිද්ධාන්තයේ නිර්මාණකරුවාටය, අනෙක් අතට FM තාක්ෂනයේ නිර්මාතෘ ආම්ස්ට්‍රෝං මහතාටද සැලකිය යුතු ප්‍රමාණයක ගෞරවයක් හිමි විය යුතු ය.

    ReplyDelete
  7. ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙක් තනියම හොයාගෙන නැහැ. ඊට කලින් ඒ ගැන පරීක්ෂණ කල අයට වැරදුන තැන පවා ඔහුගේ සොයාගැනීමට පාදක වෙනවා. ඔබ හරි..

    ReplyDelete
  8. අවිවාදයෙන් ටෙස්ලා ගුවන් විදුලි සම්ප්‍රේශනයේ නිර්මානකරු.... තියරිය පමණක් කිවුවා නොව ඒක ආදර්ශනය කරලත් පෙන්නුවා.... ටෙස්ලා නිර්මානය කරල රිමෝට් කන්ට්‍රෝල් බෝට්ටුව හොඳ උදාහරණයක් ගුවන් විදුලි සම්ප්‍රේශනයට.... මට මතක විදියට එහි තාර්කික ගේට්ටු සංකලනයකුත් ඇතුලත් වෙනවාලු....

    ReplyDelete