Wednesday, July 27, 2011

තේ හැදිල්ල ගැන තවත් කතාවක්.....

තේ ගැන තවත් කතාවක් මතක් උනා,

මගේ යාලුවො ටිකක් ඉන්නවා ස්ලිට් එකේ, එතනින් එකෙක්  ගාල්ලේ, ඒ උනාට ඌ ඉගෙන ගන්නේ මාලඹේ නිසා ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නෙත් එහේම තමා, ඉතින් මුගේ අනිත් යාලුවොන්ටත් ගජ පල්ලම, ගෙදර ඉඳන් එන කොලුවෝ එකෙක් හරි ඉන්න එක,මුන් ඉතින් වැඩක් නැති හැම වෙලාවෙම අරූගේ ගෙදර තමා ඉන්නේ, මැච් එකක් තිබ්බත්,ඕමි ගහන්න හිතුනත් , කයියක් ගහන්න හිතුනත් 10 ක විතර සෙට් එකක් බහිනවා අරූගේ ගෙදරට, ගෙදර මිනිස්සුන්ට නිදා ගන්නත් නෑ, මුන් රෑ එලි වෙන්කන් කෑ ගහනවා, හිනාවනවා,යුද්දයක් වගේ, ඒ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ, කොටින්ම මුන් කාටහරි බඩගිනි උනොත් උන් ගිහිල්ලා කුස්සියෙන් බෙදාගෙන කනවා, වැඩේ කියන්නේ සමහර දවසට මුන් කාල හට්ටි හිස් කරද්දි ගෙදර මිනිස්සු කාලත් නෑ!
උන්ගේ අම්මටත් ඉතින් මේ කොලු සේනාව එක්කලා මල පැනලා ඉන්නේ,(ඒ වුනාට ආන්ටි ඉතින් කොල්ලො ටිකට හරි ආදරෙයි, ගියාම ඉතින් බැන බැන හරි තියෙන මොනවා හරි දෙනවා කාපල්ලා කියලා), දවසක් , මේ පොසොන් පෝය දවසේ උන් එක්ක දන්සල් ව්ඳින්න ගියා මමත්, ඒ කාරිය හිතුවටත් වඩා හොඳට සාර්තක කරගෙන එහෙම අපි ගියා ඕමියක් බලන්න කියලා මුන්ගේ ගෙදර,යද්දිම ආන්ටි ඉන්නවා ඉතින් මල අතින් අරගෙන, අපිත් එක්ක හිටපු කොල්ලෙක් ආන්ටි ට කිව්ව, උදේ තේක බිව්වට පස්සේ මුකුත් කන්න ලැබුන්නෑ , අනේ තේකක් දෙන්න කියලා(මේ යකා ඒ වෙද්දි කෝපි , ප්ලේඉන්ටී දන්සල් 3ක් වත් වැඳලයි හිටියේ),

එහෙම තේ දෙන්න මෙතන දන්සලක්ද? තේ කොල සීනි නිකන් හම්බෙනවා කියලද හිතනේ? ආන්ටි අහුවා.

මෙන්න කොල්ලා දීපු උත්තරේ,
බලන්න ආන්ටි, තේ හදන්න ඕන දේවල් ඔක්කොම ආන්ටිගේ ඇඟේම තියෙනවනේ, හිතේ කහට, බඩේ ගින්දර, අඟේ සීනි(ඒ මනුස්සයට දියවැඩියාව ), වෙන මොනවද ආන්ටි?

8 comments:

  1. මරු කතාව..
    ලොල්..
    :D

    ReplyDelete
  2. මේ Word Verification ඉවත් කළොත් කමෙන්ට් කරන අයට ගොඩක් ලොකු පහසුවක් වෙයි සහෝ...

    ReplyDelete
  3. පවු අර අහින්සක අම්ම!ගෙදර ඉන්න එකා මදිවටද.

    ReplyDelete
  4. @ sanasarasidu - හරි මචං, word verification ඉවත් කලා, ස්තුතියි පෙන්වා දුන්නාට.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. @ රතු මුහුද - අපරාදේ කියන්න මච්ං , ගෙදර ඉන්න එකානම් අම්මට කරදර කරන්නේ නෑ, ඌ කොච්චර හොඳද කියන්නේ , ඌට කොල්ලෝ කියනේ කිරිහාමි කියලා.!(කලින් දාපු reply එකේ @ උඹේ නම දාන්න බැරි උනා. ඒ නිසයි ඒක cancel කලේ)

    ReplyDelete
  7. එහෙනම් පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ටම තේ එකක් හදන එක සිම්පල්.. සීනි අතින් දාන්න ඕන උනත් ..කරන වැඩ වලට අනිත් දෙකම නොමිලෙනේ..හික්ස්..

    ReplyDelete