Wednesday, July 27, 2011

තේ හැදිල්ල ගැන තවත් කතාවක්.....

තේ ගැන තවත් කතාවක් මතක් උනා,

මගේ යාලුවො ටිකක් ඉන්නවා ස්ලිට් එකේ, එතනින් එකෙක්  ගාල්ලේ, ඒ උනාට ඌ ඉගෙන ගන්නේ මාලඹේ නිසා ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නෙත් එහේම තමා, ඉතින් මුගේ අනිත් යාලුවොන්ටත් ගජ පල්ලම, ගෙදර ඉඳන් එන කොලුවෝ එකෙක් හරි ඉන්න එක,මුන් ඉතින් වැඩක් නැති හැම වෙලාවෙම අරූගේ ගෙදර තමා ඉන්නේ, මැච් එකක් තිබ්බත්,ඕමි ගහන්න හිතුනත් , කයියක් ගහන්න හිතුනත් 10 ක විතර සෙට් එකක් බහිනවා අරූගේ ගෙදරට, ගෙදර මිනිස්සුන්ට නිදා ගන්නත් නෑ, මුන් රෑ එලි වෙන්කන් කෑ ගහනවා, හිනාවනවා,යුද්දයක් වගේ, ඒ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ, කොටින්ම මුන් කාටහරි බඩගිනි උනොත් උන් ගිහිල්ලා කුස්සියෙන් බෙදාගෙන කනවා, වැඩේ කියන්නේ සමහර දවසට මුන් කාල හට්ටි හිස් කරද්දි ගෙදර මිනිස්සු කාලත් නෑ!
උන්ගේ අම්මටත් ඉතින් මේ කොලු සේනාව එක්කලා මල පැනලා ඉන්නේ,(ඒ වුනාට ආන්ටි ඉතින් කොල්ලො ටිකට හරි ආදරෙයි, ගියාම ඉතින් බැන බැන හරි තියෙන මොනවා හරි දෙනවා කාපල්ලා කියලා), දවසක් , මේ පොසොන් පෝය දවසේ උන් එක්ක දන්සල් ව්ඳින්න ගියා මමත්, ඒ කාරිය හිතුවටත් වඩා හොඳට සාර්තක කරගෙන එහෙම අපි ගියා ඕමියක් බලන්න කියලා මුන්ගේ ගෙදර,යද්දිම ආන්ටි ඉන්නවා ඉතින් මල අතින් අරගෙන, අපිත් එක්ක හිටපු කොල්ලෙක් ආන්ටි ට කිව්ව, උදේ තේක බිව්වට පස්සේ මුකුත් කන්න ලැබුන්නෑ , අනේ තේකක් දෙන්න කියලා(මේ යකා ඒ වෙද්දි කෝපි , ප්ලේඉන්ටී දන්සල් 3ක් වත් වැඳලයි හිටියේ),

එහෙම තේ දෙන්න මෙතන දන්සලක්ද? තේ කොල සීනි නිකන් හම්බෙනවා කියලද හිතනේ? ආන්ටි අහුවා.

මෙන්න කොල්ලා දීපු උත්තරේ,
බලන්න ආන්ටි, තේ හදන්න ඕන දේවල් ඔක්කොම ආන්ටිගේ ඇඟේම තියෙනවනේ, හිතේ කහට, බඩේ ගින්දර, අඟේ සීනි(ඒ මනුස්සයට දියවැඩියාව ), වෙන මොනවද ආන්ටි?

Friday, July 22, 2011

තේ හදන ලාබම ක්‍රමය මෙන්න!

පහු ගිය දවස් වල මම ට්‍රේයිනින් කරන්න ගියා, ඒ ආයතනයේදි තමයි මේ සිද්දිය උනේ.මම හිටියේ අලුත් කර්මාන්තශාලා භූමියක,ප්‍රදේශයක විදුලි ස්තානගත කිරීම් ව්‍යාපෘතියක,එතන ඉතින් වැඩ කරන්න ගොඩාක් ලමයි හිටියා,ස්ටාෆ් එකේ අපිත් අතුලත්ව ඔක්කොම මම හිතන්නේ  40 ක් වගේ, එතන දවසකට 4 වතාවක් වගේ තේ හදනවා, මොකද උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් වැඩ.

එතන තේ හදන්න හිටියා ඒක් දම් ඩස්පි බුවෙක්, ඒ උනාට උගේ තේ අමාදිය වගේ හෙන රහයිලු, ඒ නිසා ඉතින් කස්ටිය ඌට බැන බැන ඒ තේම බිව්වා.උගේ අතේ හැම තිස්සෙම තේ හදන හැන්ද තියෙනවා, ඒ හැන්ද හැම තිස්සෙම තියෙන්නේ ඇතුලක, ඒ කියන්නේ එක්කෝ තේ හදන ජොග්ගුව ඇතුලේ,නැත්නම් මේකගෙ කට ඇතුලේ,කොච්චර කිව්වත් මූ හැන්ද කටේ දාගෙනමයි ඉන්නේ, එකයැ වැඩේ, මිනිහා තේ හදන හැටි කොල්ලො පස්සේ හොයාගෙන තිබ්බා, තේ 4 වේලක් දෙනවා කියලා මම කිව්වනේ,ඒ උනාට මිනිහා තේ හදන්නේ එක පාරයි, ඒ කොහොමද? 4 වතාවටම එක පාරක් හදලා පස්සේ රත් කර කර දෙනවද? නෑ නේ, මූ කරන්නේ මෙහෙමයි,වැඩ කරන ලමයි තේ බොන කෝප්ප ඒ ලමයින්ම හෝදනවා, එකට මූ කුස්සියේ පොඩි වතුර බකට් එකක් තියලා තිබ්බා,කොල්ලො තමන් බොන කෝප්පෙ ඒකෙ අතුලට දාල හෝදලා ගන්නවා,ඔය ව්දියට 40 කගෙ කෝප්ප අර වතුරෙන් හෝදලා ඉවර වෙද්දි ඒ බකට් එකේ වතුර තේ බවට හැරිලා ඉවරයි, මූ ඉතින් දෙවෙනි පාර තේ හදන්නේ අර බකට් එකටම අඩු වැඩිය මොනවා හරි දාලා , ඒකටම හීටරේ දානවා,

ඉතින් එතකොට විදානරාල බිව්වෙත් ඒ තේද? නෑ නේ, මම ඉතින් පෙර කල පින් ඇති එකානේ,මමයි, අපෙ සීනියර් ප්‍රොජෙක්ට් මැනේජරුයි බොන්නේ සීනි පොඩ්ඩක්වත් නොදා,සර්ට සීනි ලෙඩේ, මමත් රියල් ටේස්ට් එකම ගන්න ඕන නිසා සීනි එපා කිව්වා. ඉතින් ඌ අපි දෙන්නට වෙනම තේ හදනවා!

හෝටලයක් එහෙම තියෙන මිත්‍රයෝ මෙක ට්‍රයි කරලා බලන්න, හැබයි ඉතින් අහු වෙන්න කරන්න එපා, මොකද අපේ එකාව වෙන සයිට් එකකට මාරු කලා.