Thursday, December 22, 2011

කලකට පෙර රේඩියෝ වැඩසටහන් ගැන මතකය අවුස්සමුද?

මේ සටහන අපේ කාලයේ ගුවන්විදුලි වැඩසටහන් ගැනයි, එනම් මම ආශාවෙන් ගුවන්විදුලිය අහපු යුගය ගැනයි මේ කියන්න හදන්නේ.ඒ කියන්නේ 2003 පමන සිට 2008 පමන වනතුරු.
මුලින්ම මට මතක් වෙන්නේ සිරස ගුවන් විදුලිය, එහි නිහාල් වික්‍රම එදිරිසූරිය, ඔහුගේ 'මියැසි තොටුපල' වැඩසටහන, එය විකාශය උනේ අඟහරුවාදා රාත්‍රී 10 ට පමන, මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් ඔහු මේ වැඩසටහන කලා. ඒ වැඩසටහන අවසාන කිරීමෙන් පසු ඔහු "මියැසි තටාකය" නමින් පසු කලෙක රට වටා ප්‍රසංගයක් රැගෙන ගියා, එහි මුල්ම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂනය කලේ කසුන් කල්හාර, පසුව එය සුරේශ් මාලියද්ද වෙත පැවරුනා, මියැසි තොටුපල ගුවන් විදුලි වැඩසටහන වෙනුවෙන් නිහාල නිර්මානය කල හඳුන්වාදීමේ ඛන්ඩය(trailer) මට තවම මතකයි..
"ශ්‍රී ලාංකේය කලාකෙතේ පෙර සුවඳ වර්තමානයට කැන්දා, ඉන් එරුනු වින්දනය දොවා දෙන... "  ඔහු ඒ වෙනුවෙන් පසුබිමෙන් වාදනය කල  ගීය අමරදේවයන්ගේ 'රෑ දුරු රට මේ හිම වරුසා සීත පාලුවේ...' කියන ගීය, ඒ ගීය මා මුලින්ම  ඇසුවේත් ඒ වැඩසටහනෙන්මයි.සිරස සතු එක් යහපත් ගුනයක් , එනම් රසිකයාට එපා වෙනතුරු වැඩසටහනක් ඉදිරිපත් නොකිරීම, අනුව යමින් ඔහු ඒ වැඩසටහන වගේම ඒ ප්‍රසංග මාලවත් බොහෝ කල් කලේ නෑ,ලංකාවේ ගුවන් විදුලි මාද්‍යට වගේම , අපේ සිංහල ගීත සාහිත්‍යටත් නිහාල් මහත්මයාගෙන් සිදුවුනු සේවය ගැන වෙනමම ලිපියක් ලිවීමට තරම් කරුනු හිඟ නැහැ.ඔහු විසින්ම ඉදිරිපත් කල සිරස 'සති අග සාදය' ත් සිහි කල යුතුමයි, අද ඉතාම ප්‍රකට විචාරකයෙක් වන සේපාල අමරසිංහ මහත්මයා  සිනමාව, කලාව වගේ කාරනා ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ මුලින්ම අසන්නෙක් විදියට දුරකතනය ඔස්සේ සම්බන්ද වෙමින් කරුනු දැක්වූයේ මේ වැඩසටහනට.එදා සති අග සාදයට නිරන්තරයෙන් අදහස් පල කල සේපාල මහත්මයා  වගේ යාවජීව සාමජිකයින් කිහිපදෙනෙක් ම සිටියා, පානදුර පරදේශයේ පාලිත යන අනවර්ත නමින් පෙනී සිටි මහත්මයෙක්, දෙහිවල මාලනි නම් මහත්මියක්,පෝල් බන්ඩාර නම් මහත්මයෙක්, ආනන්ද නම් මහත්මයෙක් යනාදී ලෙස(කලාව ආනදයෙන් ඇරඹී ප්‍රඤාවෙන් කෙලවර විය යුතුය යන අද ඉතාම සුලභව හැමෝම වගේ ගෙනෙන උපුටනය , මුලින්ම නිතර නිතර භාවිතා කලේ මේ ආනන්ද කියන මහත්මයා.)
සිරසේ විකාශය වුනු අමතක කල නොහැකි අනෙක් වැඩසටහන , ලාල් ආනන්ද අභේධීර මහත්මයා ඉදිරිපත් කල 'ආනන්ද රාත්‍රිය', එයත් සුන්දර සිංහලා ගීත වගේම ඉතාම මියුරු පැරනි හින්දි ගී, විෂේශයෙන් බ'මන්ගේ ගීත වාදනය කල වැඩසටහනක්.(ලාල් ආනන්ද අභේධීර මහතා ඉතාම මියුරු ලෙස භාෂාවෙන් විස්කම් පානා අග්‍රගන්‍ය පූරකයෙකි, වර්තමානයේ ජාතික රූපවාහිනියේ 'සඳ රඟ මඩල' සොඳුරු සංගීත වැඩසටහන ඔහු ඉදිරිපත් කරයි, ඉඳහිට දිනෙක ස්වාධීන රූපවාහිනියේ සංහිඳටද  සම්පත් දායකයෙකු ලෙස ගොඩ වෙයි.ප්‍රිය මිතුරනි ඔහු භාෂාවෙහි පානා විසුතුරු කම් හෙයින් මා සිතා සිටියේ ඔහු භාෂා ගුරුවරයෙකු වගයි,නැත , ඔහු සංගීත ගුරුවරයෙකි! )
ඉන්පසු මට මතක් වෙන්නේ "නේත්‍රාංජලී"ය. නෙත් ගුවන් විදුලිය ආරම්භ කල යුගයේ සෙනසුරාදා රාත්‍රී 10 සිට 12 වනතුරු කැලුම් ශ්‍රීමාල් මහත්මයා විසින් ඉදිරිපත් කල වැඩසටහනක් එය.ජීවිතය ජයගත් සුන්දර චරිත සමග ඔවුන්ගේ ජීවිත පිලිබඳව කෙරුනු ඉතාම සංවේදී වැඩසහනක්, මහචාර්ය සරත් විජෙසූරිය, ජැක්සන් ඇන්තනී(එදා වැඩසටහන මෙහෙයවූයේ නුවන් ලියනගේ), නන්දන වික්‍රමගේ, ශ්‍රේෂ්ඨ ගායිකා නන්දා මාලිනිය,ජයලාල් රෝහන,සෝමපාල හේවාකපුගේ( IGP මුද්‍රණාලය ) වැනි අය සමග කල වැඩසටහන් මට නිරායාසයෙන් සිහි කල හැකිය.
නෙත් ගුවන් විදුලියේම සිකුරාදා රාත්‍රියේ  විකාශය වූ , නිමල් ලක්ශපතිආරච්චි මහත්මයා ඉදිරිපත් කල වැඩසටහනත් මා ඉතාම ආශාවෙන් සවන් දුන්නා.
ලක් හඬ ගුවන් විදුලියේ ඉන්ද්‍රසිරි සුරවීර මහත්මයා , සිකුරාදා රාත්‍රියේ ඉදිරිපත් කල , 'සිකුරාදා රෑ'වැඩසටහනත් ඉතාම විෂිශ්ට වැඩසටහනක් වුනා,අද ප්‍රකට ගීත රචකයෙක් වගේම  විචාරකයෙක්ද වන ධම්මික බන්ඩාර මහත්මයා මුලින්ම සම්පත් දායකයෙක් විදියට සම්බන්ද වුනෙත් මේ වැඩසටහනටයි, විරෝදාකල්ප ගී ගැන කතා කරද්දි පිලිම නෙලා නැති විරුවන් කියන ගීය ගැන ,ඔහු ඉදිරිපත් කල විවරනය සංවේදී එකක් වුනා.එකල ගීත රචකයෙක් විදියට ප්‍රසිද්දියට පත්වුනු කවිකීර්ති හිමියන්ව මේ වැඩසටහනට ගෙන්වලා , එකල භික්ෂූන් වහන්සේ කෙනෙක් විසින් නොලිය යුතුව තිබුනේ යැයි සමජයේ කතා බහ වුනු 'කිරි වෙහෙරට ඉහලින් දඟ කරන සඳවතී' යන ගීය ගැන , ස්වාමීන් වහන්සේගෙන් ඍජුව ප්‍රශ්න කිරීමට, එනම් උන්වහන්සේට , ඒ විවේචනවලට පිලිතුරු ලබා දෙන්නට අවස්තාව ඔහු වරක් සලසා දුන්නා.
ලක් හඬේම ගුවන් ගත් 'කසුන්ගිර' කෙසේ අමතක කරන්නද? එය ගුවන් ගත්තේත් සෙනසුරාදා රැයෙහි වුවත් , පසු කලෙක නේත්‍රාන්ජලියට මැනිකේ අත්තනායක, කොරීන් අල්මේදා වැනි පැතලි චරිත පැමිනීමට පටන්ගැනීමත් සමග ලක් හඬ කසුන්ගිර අසන්නට අවස්තාව උදාවුනා.කසුන්ගිර ට සහභාගී වුනේ සරත් විජේසූරිය මහත්මයා සමග තවත් එක ආරාධිත පුද්ගලයෙක්.එය තාරුන්‍යයයේ එලිපත්තේ උන් අපවැන්නවුන් ඉලක්ක කර ගනිමින් ගුවන් ගත් ඉතා වැදගත් වැඩසහනක්.
 ලක් හඬ ගැන කතා කරද්දී දක්ෂින බෝධිනායක මහත්මයා ඉදිරිපත් කල  'සඳුන් අරණ' අමතක නොකල යුතුමය.ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහලට නැගුනු , උත්සාහයෙන් ජීවිතය ජයගත් අයවලුන් සමග ඉදිරිපත් කල වැඩසටහන්ක් විය එය.නීට් ටෙක්නොලොගීස් ආයතනයේ අධිපතිවරයාත්, දයා සමූහ ව්‍යාපාරයේ අධිපති වරයාත් සමග කල වැඩසටහන් මගේ මතකයෙන් ගිලිහී නොයයි.
ලක් හඬ දේදුනු පාලම ද රසවත් වැඩසටහන්ක් විය,අසනන් සිය කැමති ගීතය කැමති හේතුව සමග ඉදිරිපත් කලයුතු විය.වර්තමානයේ ගීත රචකයෙකු ලෙසද ප්‍රචලිත අම්පාර රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා එහි යාවජීව රසිකයකුව සිටියේය.
මේ වැඩසටහන් අතරින් කෙනෙක් මගෙන් විෂිශ්ඨතම වැඩසහන කුමක්දැයි ඇසුවොත් මට ඉඳුරාම සිහි වන්නේ 'නේත්‍රාංජලී' යයි.දෙවනුව 'සිකුරාදා රෑ', 'මියසි තොටුපල' සමග කෙරෙන තියුනු තරඟයකින් අනතුරුව ස්ථානගත කරමි.
ඇසුර ගුවන් විදුලියේ 'කලාලය'ත්, 'මැති සකි සඳ'ත් මා ආසාවෙන් සවන් දුනිමි.
ලක් හඬ 'රැයේ ඇසෙන ගී' ද ඉතාම ආශාවෙන් සවන් දුනිමි.විදුලි පහන් නිවා දමා දෑස පියාගෙන එහි ඉමිහිර සිත්සේ ආලෝලනය කලෙමි.

Sunday, October 9, 2011

දහම් පාසලේදී කල කුමන්ත්‍රණය..

ලංකාවේ දහම්පාසල් අතරින් ඉතාම හොඳටම ක්‍රියාත්මක වෙන්නේ කීපයක් විතරයි නේ,ඒ වුනාට මම ගියපු එක දහම්පාසලක්වත් අවාසනාවට වගේ ඒ කැටගරි එකට වැටුනේ නෑ. මේක මම දහම්පාසල් යන්න පටන්ගත්තුම කාලේ වෙච්ච කතාවක්.

 ඔය දහම්පාසල් ගීතයේ තියෙනවානේ එක පේලියක් "ඉසිකෝ මන් හැම බිඳ හැරලා " කියලා,  ඔය ඉසිකෝ කියන වචනයේ තේරුම  මම දැන ගෙන හිටියේ නෑ, එක වසරේ එකාලා තියා ලොකු අයවත් ඕක දැනගෙන උන්නේ නෑ මං හිතන්නේ, , අනික ඉසිකෝ කියන වචනේ සිංහල වචනයක් කියලා හිතෙන්නෙත් නෑනෙ , ( "වර්චස්" කියන වචනය වගේ) .. ඉතිං පොඩි විදානරාල හිතුවා ඉසිකෝ මන් හැම බිඳ දානවා කියන එකේ තේරුම ඉස්කෝල ඔක්කොම කඩලා දාන එක කියලා! මොකද මම ඒ කාලේ හිතුවේ ඔය දහම්පාසල කියන්නෙත් ඉස්කෝල ජාතියක් කියලා, දහම්පාසල ඇරෙද්දී ගීතය මම කිව්වේ බයෙන් බයෙන් වගේ, මම හිතුවා ඕක ඉස්කෝලෙට ආරන්චි උනොත් ඉස්කෝලෙට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ වරදට බඩ කට පුරා හම්බු වෙයි කියලා.

අනික මොනවා උනත් දෙයියනේ දවස් පහක් තිස්සේ උගන්නන ඉස්කෝලෙට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ මොන හිතකින්ද? අනික එහෙම කරොත් මට ශිල්පය පිහිටන එකකුත් නෑ, ඒ නිසා මම අභීත තීරනයක් ගත්තා, දහම් පාසල් ගීයේ ඔය පේලිය නොකියා ඉන්න.
 වැඩේ කියන්නේ කිසිම යාලුවෙකුට ඉස්කෝලේ ගැන හැඟීමක් නැති හැටි, පුදුම ගුන මකුවො ටිකක් නේ! කියන හැටි ඉස්කෝලේ බිඳලා දාන්නම් කියලා!
අනිත් එක මේව ගෙදරට ආරන්චි උනොත් තාත්තාගෙනුත් හම්බු වෙයි මදි නොකියන්න!

විශ්වාස කරන්න මිතුරනි මම ඉසිකෝ මන් හැම බිඳ දාල කියන එකේ තේරුම දැන ගත්තේ ගිය සතියේ...! ඒකත් අහම්බෙන්! මම කුඩා කාලේ සිතා සිටි අන්දම මට මතක් උනේ එවිටයි.එතෙක් මට මේක අමතක වෙලයි තිබුනේ.

ප.ලි - කමෙන්ට් කල අය සඳහන් කර සිටි ආකාරයට 'ඉසිකෝ' කියන වචනයේ තේරුම සඳහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ, ඉසිකෝ කියනේ තනි වචන්යක් නොවෙයි(ලු ). ඉසිකෝමන් කිව්වම තම්යි එතන තනි වචන්යක් වෙන්නේ, ඒකෙන් අදහස් වෙන්නේ,
ඉසි - ඊර්ෂ්‍යා
කෝ - ක්‍රෝධ
මන් - මාන
ඉසිකෝ මන් හැම බිඳ හැරලා කියන්නේ , ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, සහ මානය කියන දේවල් බිඳ දමනවා කියන එකයි...
 

Friday, September 16, 2011

ගුවන් විදුලිය සොයා ගත්තේ මාකෝනි නොවේ!


අපි කුඩා කල සිටම අසා ඇත්තේ ගුවන් විදුලියේ නිර්මානකරුවා මාකෝනි ලෙසයි, එය සැබවින්ම එසේ නොවේ, එය තවත් බොහෝ ඉතිහාසික වැරදි ගොන්නෙහි තවත් එකකි.

ගුවන් විදුලියේ සම්ප්‍රේශනය(transmission) සහ ග්‍රහනය(receiving)  රඳාපවතින ප්‍රධාන සොයාගැනීම් කිසිවක් මර්කෝනි ට අයත් නොවේ, ඒ සියල්ල නිකොලොස් ටෙස්ලා ගේ නිර්මානයන් වේ. ටෙස්ලා ගැන මීට මත්තෙනුත් මම බ්ලොග් එකේ ලිව්වා, ඔහු ඉතාම දස්ක්මක් තිබුනු  ප්‍රයේෂකයෙක්,ගුවන් විදුලි තාක්ෂනය සඳහා පාදක කරගන්නා tesla coil,rotary spark gap,lump resonance, පොලොවට සම්බන්ද අන්ටෙනා කියන දේ ටෙස්ලා ගේ සොයා ගැනීම්.

මේ සියල්ල දැනගෙනත් ටෙස්ලා ගුවන් විදුලි නිර්මානය ගන නොසිතුවේද? නැහැ, ඔහු සිතුවා,හැබැයි හැම විටම වගේ ටෙස්ලා හිතුවේ මහා පරිමානයෙන්, එනම් ඔහුගේ උත්සාහය තිබුනේ ලෝකයටම එක සම්ප්‍රේෂන  මධ්‍යස්තානයක ඉඳලා මුලු ලෝකයටම සම්ප්‍රේෂනය කරන්න.එහෙම බලද්දි පෙනෙනවා ගුවන් විදුලිය කියන අදහසවත් මාකෝනිට අයිති නැති බව.

හැබැයි මාකෝනිට ගුවන් විදුලියට අදාලව නොබෙල් සම්මානයත් ඒ සමග මහා විශාල මුදලකුත් අයිති වෙනවා. අනිත් කාරනය ටෙස්ලා මේ සන්කල්පයට එළැඹෙන්නේ අධි සන්ඛ්‍යාත විදුලි සම්ප්‍රේෂනය සඳහා කරන ලද පර්යේෂන ඔස්සේ.මාකෝනි ගුවන් විදුලිය සඳහා patent අයිතියද උරුම කරගන්නවා.ටෙස්ලා කියන්නේ සම්මත පිලිවෙලට ගොඩ නැගුනු විද්‍යාඥයෙක් නොවෙයි, ඔහු සිය ඥානය මෙහෙයවපු පර්යේෂකයෙක්, ඒ නිසා තමාගේ නිර්මාණ කවර ආකාරයකට සමාජ ගත කල යුතුද කියලා ඔහුට ඒ හැටි විනිශ්චයක් තිබුනේ නැහැ, සාමාන්යෙන් අද වගේම එකලත් කලේ තමා අලුත් යමක් සොයා ගත් පසු ඒක පිලිගත් ජ’නලයක පල කරවා ගැනීම, ටෙස්ලා කලේ මේක නොවෙයි,තමා සොයා ගන්නා දේවල් ඒ ඒ වෙලාවට දේශනවලින් සමාජ ගත කිරීම, ඒ නිසා ඔහුගේ සොයා ගැනීම් සොරා ගැනීමට වෙනත් අයට අවස්ථාව ලැබුනා.

මාකෝනි තමන්ගේ නිර්මානය කොල්ල කෑම ගැන ටෙස්ලා වද වුනේ නැහැ, මාකෝනි තමන්ගේ නිර්මානයටම patent ලබා ගත්තා කියලා විතරක් ඔහු සඳහන් කරලා තිබෙනවා, ඉන් එහාට ඒ පිලිබඳ උසාවි ක්‍රියාමාර්ග  ගන්නට ටෙස්ලා උත්සාහ කරලා නැහැ, අවසානයේ ටෙස්ලා මිය යන්නේ තමන්ගේ පර්යේෂන වලට වියදම් කිරීමට වත් මුදල්  නැතුව.(ටෙස්ලා හැම විටම කලේ එක සොයා ගැනීමක් කරලා එහි අයිතිය විකුනලා ඊලඟ පර්යේෂන්යට මුදල් සොයා ගැනීමයි )

පසු කාලෙක ටෙස්ලා ගේ පවුලේ ඇත්තෝ මෙහි අයිතිය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යනවා, ඒ වෙද්දි මාකෝනි කියන්නේ අප මේ කතා කරන නිර්මාණය නිසාම අති විශාල ධනස්කන්දයක් උපයාගත්තෙක්, ඒ මුදල් ආයෝජනය කරලා ඔහු ධන කුවේරයෙක් වෙලා හිටියා, patent නඩු සම්බන්දයෙන් එවක තිබූ ප්‍රසිද්ධ රහසක් නම් වඩා බරැති පසුම්බිය සහිත පැත්තට තරාදිය බර වීමයි.ඒ අනුව ටෙස්ලා පාර්ශවය පරාජය වෙනවා.
නමුත් 1942-43 දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරනය ඉහතදී නිකුත් කරපු නියෝගය සංශෝදනය කරලා ගුවන් විදුලි තාක්ෂනයේ අයිතිය ටෙස්ලාට හිමි කර දෙනවා.

ඔබ සහ මම පාසල් යන්නේ 42න් පස්සේ නේ නේද?එසේනම් අප ලවා ගුවන් විදුලියේ අයිතිය මාර්කෝනිට ලබා දුන්නේ කව්ද?

 ප . ලි -  මේ සම්භන්ද ලින්ක් පහත දැක්වේ  
  http://amasci.com/tesla/tradio.html
  http://inventors.about.com/od/rstartinventions/a/radio.htm
  http://www.juliantrubin.com/letters/marconi_tesla.html
   මෙහි දෙපාර්ෂවයටම අදාල ලින්ක් දක්වා ඇත.
 

Thursday, August 18, 2011

බබාලගේ කතාවක්.........


අද දාන්න හිටියේ හාමුදුරුවෝ සම්බන්ද පෝස්ට් එකක් උනත් ඒ අතරේ මට වෙන එකක් මතක් උනා.
සාමාන්යෙන් ඉතින් සිද්ද වෙන්නේ ප්‍රවීනයන් දිහා බලලා නවකයෝ ඔවුන්ව අනුගමනය කරන එකනේ,ඒ වුනාට ඒක අනිත්පැත්තට සිද්ද උනු අවස්තාත් තියෙනවා, ඒ අනිත් පැත්ත ගැහිල්ල හරියට කෙරුනේ නැතොත් ඉතින් නෝන්ඩි කෝටියයි.ඔය මේ දීපිකා(මදු සාද ), දිවුල්ගනේ (පාරට මල් බර වෙන්නයි ), නන්දා (රංග දසනයක සමග ) ආදී විදියට ඉතින් ඔය උල්ටා එක හරියට කලා නේ.


කට්ටිය බලලා තියෙනවානේ පහන් කන්ද, සිරසේ නිහාල් එදිරිසූරිය කලේ,(දැන් නෑ ඒක , ඉවර කලා ) ඒ වුනාට යූ බටයේ තියෙනවා , එපිසෝඩ්ස් ඔක්කොම, මමත් බැලුවේ එතනින්ම තමා, ඒකෙ වයලින් ගහන වාදිකාව හරි අපූරුවට ගහනවා නේද, ලස්සන රංගනයක් එක්ක එහෙම නේද? හරිම දැකුම්කලුයි,

ඔන්න ඉතින් මම බැලුවා අයිටීඑන් එකේ සන්හිඳ කියන ප්‍රෝග්‍රෑම් එකත්(ඒක තාම තියෙනවා), ඒකෙ වයලින් ගහන රැව්ල තියෙන මාමා ,ඉතාම දක්ශ වාදකයෙක්,කලනි නෙවෙයි, ඒ වගේ රැවුල තියෙන අනිත් සන්ගීතඥියා , බොහොම ප්‍රවීන එක්කෙනෙක් නේ.මොකද මට මතකයි අපි පොඩි එකා කාලෙත් එතුමා අපූරුවට වාදනය කලා, වැඩේ කියන්නේ ඒ කාලේ එතුමා ගැහුවේ වාඩි වෙලා, දැන් මෙන්න හිටගෙන, නට නටා ගහනවා!


අනේ ඉතින් මේක දැක්කම මට මතක් උනේ බබාලන්තය කාටූන් එක( මතකද?) ඒකේ පියරූ බබී සින්දුවක් ද කොහෙද  කියන ගමන් එයා හිටපු ස්ටේජ් එකේ තිබුනු යටින් හුලන් එන ෆෑන් එකක් බැරි වීමකින් ඔන් වෙනවා, පියරු බබී ගේ ගව්ම උඩ යනව නේ ඉතින් එතකොට, ඉතින් බබී අත් දෙකෙන්ම ගව්ම හදන්න උත්සාහ කරනවා, ඔන්න ඉතින් ඔය වෙලවේ බබාලන්තේ ටීවී බලන කට්ටිය ගොඩාක් ඉහල ගිහිල්ලා පියරු බබී ගොඩක් ජනප්‍රිය වෙනවා, මේක බලාගෙන හිටපු නගරාදිපති බබාත් වෙන දවසක, (චන්දේ කිට්ටුව ද කොහේද ) අහම්බයක් වගේ පේන්න හිතාමතාම ඒකම කරනවා, ඒ වුනාට ඒකෙන් නගරාදිපති බබාව විහිලුවක් වෙනවා.
ගත යුත්තක් ඇත්නම් ගනිත්වා!

Wednesday, July 27, 2011

තේ හැදිල්ල ගැන තවත් කතාවක්.....

තේ ගැන තවත් කතාවක් මතක් උනා,

මගේ යාලුවො ටිකක් ඉන්නවා ස්ලිට් එකේ, එතනින් එකෙක්  ගාල්ලේ, ඒ උනාට ඌ ඉගෙන ගන්නේ මාලඹේ නිසා ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නෙත් එහේම තමා, ඉතින් මුගේ අනිත් යාලුවොන්ටත් ගජ පල්ලම, ගෙදර ඉඳන් එන කොලුවෝ එකෙක් හරි ඉන්න එක,මුන් ඉතින් වැඩක් නැති හැම වෙලාවෙම අරූගේ ගෙදර තමා ඉන්නේ, මැච් එකක් තිබ්බත්,ඕමි ගහන්න හිතුනත් , කයියක් ගහන්න හිතුනත් 10 ක විතර සෙට් එකක් බහිනවා අරූගේ ගෙදරට, ගෙදර මිනිස්සුන්ට නිදා ගන්නත් නෑ, මුන් රෑ එලි වෙන්කන් කෑ ගහනවා, හිනාවනවා,යුද්දයක් වගේ, ඒ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ, කොටින්ම මුන් කාටහරි බඩගිනි උනොත් උන් ගිහිල්ලා කුස්සියෙන් බෙදාගෙන කනවා, වැඩේ කියන්නේ සමහර දවසට මුන් කාල හට්ටි හිස් කරද්දි ගෙදර මිනිස්සු කාලත් නෑ!
උන්ගේ අම්මටත් ඉතින් මේ කොලු සේනාව එක්කලා මල පැනලා ඉන්නේ,(ඒ වුනාට ආන්ටි ඉතින් කොල්ලො ටිකට හරි ආදරෙයි, ගියාම ඉතින් බැන බැන හරි තියෙන මොනවා හරි දෙනවා කාපල්ලා කියලා), දවසක් , මේ පොසොන් පෝය දවසේ උන් එක්ක දන්සල් ව්ඳින්න ගියා මමත්, ඒ කාරිය හිතුවටත් වඩා හොඳට සාර්තක කරගෙන එහෙම අපි ගියා ඕමියක් බලන්න කියලා මුන්ගේ ගෙදර,යද්දිම ආන්ටි ඉන්නවා ඉතින් මල අතින් අරගෙන, අපිත් එක්ක හිටපු කොල්ලෙක් ආන්ටි ට කිව්ව, උදේ තේක බිව්වට පස්සේ මුකුත් කන්න ලැබුන්නෑ , අනේ තේකක් දෙන්න කියලා(මේ යකා ඒ වෙද්දි කෝපි , ප්ලේඉන්ටී දන්සල් 3ක් වත් වැඳලයි හිටියේ),

එහෙම තේ දෙන්න මෙතන දන්සලක්ද? තේ කොල සීනි නිකන් හම්බෙනවා කියලද හිතනේ? ආන්ටි අහුවා.

මෙන්න කොල්ලා දීපු උත්තරේ,
බලන්න ආන්ටි, තේ හදන්න ඕන දේවල් ඔක්කොම ආන්ටිගේ ඇඟේම තියෙනවනේ, හිතේ කහට, බඩේ ගින්දර, අඟේ සීනි(ඒ මනුස්සයට දියවැඩියාව ), වෙන මොනවද ආන්ටි?

Friday, July 22, 2011

තේ හදන ලාබම ක්‍රමය මෙන්න!

පහු ගිය දවස් වල මම ට්‍රේයිනින් කරන්න ගියා, ඒ ආයතනයේදි තමයි මේ සිද්දිය උනේ.මම හිටියේ අලුත් කර්මාන්තශාලා භූමියක,ප්‍රදේශයක විදුලි ස්තානගත කිරීම් ව්‍යාපෘතියක,එතන ඉතින් වැඩ කරන්න ගොඩාක් ලමයි හිටියා,ස්ටාෆ් එකේ අපිත් අතුලත්ව ඔක්කොම මම හිතන්නේ  40 ක් වගේ, එතන දවසකට 4 වතාවක් වගේ තේ හදනවා, මොකද උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් වැඩ.

එතන තේ හදන්න හිටියා ඒක් දම් ඩස්පි බුවෙක්, ඒ උනාට උගේ තේ අමාදිය වගේ හෙන රහයිලු, ඒ නිසා ඉතින් කස්ටිය ඌට බැන බැන ඒ තේම බිව්වා.උගේ අතේ හැම තිස්සෙම තේ හදන හැන්ද තියෙනවා, ඒ හැන්ද හැම තිස්සෙම තියෙන්නේ ඇතුලක, ඒ කියන්නේ එක්කෝ තේ හදන ජොග්ගුව ඇතුලේ,නැත්නම් මේකගෙ කට ඇතුලේ,කොච්චර කිව්වත් මූ හැන්ද කටේ දාගෙනමයි ඉන්නේ, එකයැ වැඩේ, මිනිහා තේ හදන හැටි කොල්ලො පස්සේ හොයාගෙන තිබ්බා, තේ 4 වේලක් දෙනවා කියලා මම කිව්වනේ,ඒ උනාට මිනිහා තේ හදන්නේ එක පාරයි, ඒ කොහොමද? 4 වතාවටම එක පාරක් හදලා පස්සේ රත් කර කර දෙනවද? නෑ නේ, මූ කරන්නේ මෙහෙමයි,වැඩ කරන ලමයි තේ බොන කෝප්ප ඒ ලමයින්ම හෝදනවා, එකට මූ කුස්සියේ පොඩි වතුර බකට් එකක් තියලා තිබ්බා,කොල්ලො තමන් බොන කෝප්පෙ ඒකෙ අතුලට දාල හෝදලා ගන්නවා,ඔය ව්දියට 40 කගෙ කෝප්ප අර වතුරෙන් හෝදලා ඉවර වෙද්දි ඒ බකට් එකේ වතුර තේ බවට හැරිලා ඉවරයි, මූ ඉතින් දෙවෙනි පාර තේ හදන්නේ අර බකට් එකටම අඩු වැඩිය මොනවා හරි දාලා , ඒකටම හීටරේ දානවා,

ඉතින් එතකොට විදානරාල බිව්වෙත් ඒ තේද? නෑ නේ, මම ඉතින් පෙර කල පින් ඇති එකානේ,මමයි, අපෙ සීනියර් ප්‍රොජෙක්ට් මැනේජරුයි බොන්නේ සීනි පොඩ්ඩක්වත් නොදා,සර්ට සීනි ලෙඩේ, මමත් රියල් ටේස්ට් එකම ගන්න ඕන නිසා සීනි එපා කිව්වා. ඉතින් ඌ අපි දෙන්නට වෙනම තේ හදනවා!

හෝටලයක් එහෙම තියෙන මිත්‍රයෝ මෙක ට්‍රයි කරලා බලන්න, හැබයි ඉතින් අහු වෙන්න කරන්න එපා, මොකද අපේ එකාව වෙන සයිට් එකකට මාරු කලා.

Friday, April 15, 2011

ජනමාධ්‍ය අවුරුදු සම්පත්දාරීන්ට


මට වයස 23 කි. මා දන්නා කාලයේ පටන් ඉස්සර අවුරුද්දේ රඟ මාද්‍ය වලින් පට්ට ගැසෙයි, පුදුමය නම් අද "ඉස්සර" මීට අවුරුදු 20 කට කලින් තිබූ "ඉස්සර" මය.එරබොදු මල්, කජු පුහුලන්,කොහා විතරද අවුරුදු කියන්නේ? ඇයි අපිට බැරි යථාර්ථයට මූන දෙන්න?"ඉස්සර අවුරුදු" කාමයෙන් අපි මිදිය යුතු වෙමු,අන්තිමට දැන් අවුරුද්ද පත්ව තිබෙන්නේ කොහා මතක් කර හූල්ලන දවසකටය, අතීත කාමයෙන් ඔද වැඩුනෝ  ටීවී එකට අවුත් කොහා ගැන කියා වැලපෙන දිනයකි අවුරුද්ද, මා තබා මගේ තාත්තාවත් පොර පොල් ගසනවා දැක නැති වගට මට විශ්වාසය,එහෙව් යමක් ගැන හෙලන කිඹුල් කදුලු පිසදා ගන්නට මම රූපවාහිනි සම්පත් දාරීන්ට ආරාධනා කරමි.
අවුරුදු දා ගෙදර හැමෝම ගෙදර ඒම, නෑගම් යාම ගැන අපි කොහා ගැන සානුකම්පාවෙන් උපන් හොටු කඳුලු පිසදා දමා සතුටින් කතා කරමු. පොර පොල්, කොහා, එරබදු යනාදී ෆැන්ටසි වලින් පිබිදෙන්න.

Saturday, April 2, 2011

the defeat(මාර පරාජය)

indeed 275 was a handsome total to fight with, but it was all about the performance of the day, they were pretty accurate in their balling, sizzling fielding & outstanding with the bat.So after all it's nothing to doubt that , India deserves that stunning victory.BUT..................
When we were the runners up last time we were proud about that, but this time we are shamed ,Because last time we were defeated by a cricketting nation(at least the crowd,if not the players) , but indians are no where there,Now they will start offering "laddu" to the portraits of the cricketers, & @ the next defeat they will not hesitate to slang "maadher cho**"   At least now indian crowd should realise that it is a game,Game is played for the game.
Our population is just about 2 crores,& that of india is more than 121 crores,which certainly implies a logic ,rather a fact ,that among indians there should be 60 Sangas,60 Muralis etc...but there is no,.. or in other words being the smallest country of this tournament we are really really proud about us.
And , yes one more point to raise, the victorious is given 66 crores lkr, which i was shoked to hear, it is really a tiny prize, i'm damn sure that  by telecasting the match TV channels individually earned in multiples of that.(even "kaluthara raththaran" managed  300 or 3000 crores!)
gud luck lions,   

Wednesday, February 2, 2011

විදුලි මිතුරු 4 , වය(ර්) නැති ලෝකයක්!

ඔබට කිසියම් විදුලි උපකරනයක් ක්‍රියාත්මක කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නේ?
මුලින්ම ඒක ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරනවා නේද?
ඔබේ ජංගම දුරකතනයේ බැටරිය ලෝ වුනාම ඒක ඔබට බාධා කරමින් වරින් වර ශබ්දයක් නිකුත් කරනවා නේද?  ඉතිං ඔබට නැගිටලා ගිහිල්ලා ඒක විදුලියට සම්බන්ද කරන්න වෙනවා     
 මේ කියන්න හදන්නේ එහෙම කිසිම විදුලි උපකරනයක් ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරන්න අවශ්‍ය නැති ක්‍රමයක් ගැන.
ඔබ විදුලි උපකරනය ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරන්නෙ නැත්නම් ඒක විදුලි බලය ලබාගන්නේ කොහෙන්ද?
බැටරියකින්ද? එහෙමනම් ඉතින් ඒකෙ තියෙන අලුත් දේ මොකද්ද?
නැත, බැටරියකින් නොවේ.
එය සම්බන්ද වන්නේ ඔබ මම එදි නෙදා සම්බන්ද වන විදුලි පද්දතියටමයි!
ඒ කොහොමද?
මේ පර්යේෂනය යොමු වෙලා තියෙනේ වයර් වලින් තොර ලෝකයක් අරමුනු කරගෙන,අත්තටම විශාල වෝල්ටීයතා සඳහා මෙම ක්‍රමය ඉතා ඈත අතීතයේදි (1890 ගනන්) සාර්ථකව කරලා පෙන්වලා තියෙනවා (ටෙස්ලා විසින් ,වෝල්ට් මිලියන 100ක විදුලියක්,හැතැක්ම 26ක් ඈතට යවා, බල්බ 200කුත්, එක මෝටරයකුත් ක්‍රියා කරවා පෙන්වලා  ).ඒක වර්තමානයෙදී පාවිච්චි නොකරන්නට ප්‍රදානම හේතුව එමගින් සිදුවන ශක්ති හානියත්   වර්තමානයෙදී භාවිතා වන ට්‍රාන්ස්මිෂන් ලයින්ස් මගින් වන ශක්ති හානියත් අතර එතරම් වෙනසක් නැති නිසා. ( 5% ක් පමන )
හැබැයි අදිනෙදා අවශ්‍යතාවලට අදාල ප්‍රමානයේ වෝල්ටීයතා වයර් රහිතව සම්ප්‍රේශනය කරන්න ටෙස්ලා සමත් වුනේ නැහැ.වර්තමානයේ පර්යේශන කෙරෙන්නේ මෙන්න මේ අරමුන ජය ගන්නට.
පර්යේශකයන් ප්‍රකාශ කරනවා තවත් වසර 5 කින් පමණ එය යතාර්තයක් බවට පත් කර ගන්නවා කියලා.ඇත්ටම මේ අරමුනෙන් කිසියම් ප්‍රමානයක් ලොකය විසින් දැනටමත් ජය ගෙන අවසානයි.හැබැයි එක්තරා ප්‍රශ්නයකුත් එක්ක.ඒ තමා ඔවුන්ට හැකියාව ලබුනේ ඉතා කුඩා වෝල්ටීයතාවක් සම්ප්‍රේශනය කරන්න විතරයි.හැතැක්ම එක හමාරක දුරක් ඔවුන් විදුලිය සම්ප්‍රේශනය කලා වයර් භාවිතා නොකර, LED බල්බ් කිහිපයක් දල්වන්න තරමට එය ප්‍රමානවත් වුනා.ඔවුන්ට විශාල වෝල්ටීයතාවයක් සම්ප්‍රේශනය කරන්නට බැරි වුනු හේතුව ඔවුන් ඒ සන්දහා භාවිතා කලේ ගුවන් විදුලි තරංග වීම, ගුවන් විදිලි තරංග අති විශාල විදුලි ශක්තියක් රැගෙන යන්නට හැකියාවක් නැහැ.
.මේ සඳහා වඩා සුදුසු වෙන්නේ චුම්බක තරංග, ඒකට හේතුව චුම්බක තරංග අප අවට අති අනෙක් දේ සමග අඩුවෙන් ප්‍රතික්‍රියා කිරීමත් , හැම අතටම විසිර නොයන පරිදි දිශා ගත කිරීමේ හැකියාවත්ය.
මේ සඳහා භාවිතා කරන ක්‍රමය, එහි මූලික සිද්ධාන්තය ඇහුවොත් ඔබ පුදුම වේවි, ඇය් මේක අපිට මීට කලින් හිතුනේ නැත්තේ කියලා. මේ සඳහා පාවිච්චි වෙන්නේ අනුනාදය! (හැම වස්තුවකටම, හැම දෙයකටම එයට අදාල සන්ක්යාත්යක් තියෙනවා, ඒ තන්ගේ  විශේශ සංක්‍යාතයට ඒ වස්තුව සාර්ථකව ප්‍රතිචාර දක්වනවා, සමහර ස්වර මගින් වීදුරු බිඳින්නේ ඒ අනුව තමා) මෙහිදී සිද්ද වෙන්නේ විදුලිය ලැබිය යුතු ස්ථානය , යවන කොන සමග සම්බන්ද වීමට අනුනාදය(resonance) යොදා ගැනීමයි.නමුත් කිසියම් ප්‍රදේශයක් පුරා විදුලි තරන්ග පවත්වා ගනීමද අවශ්ය තාවයක් නිසා ගුවන් විදුලි තරංග ද අමතක කරන්නට විදියක් නෑ.
මේ සඳහා පාවිච්චි කරන නම "witricity"(wireless electricity) . ඔබ දන්නවානේ wifi (wireless fidelity), ඒ වගේ ලෝකය තව දෂකයකටත් කලින් witricity ගැන කතා කරාවි.
ඔබ පදවන්නේ විදුලි මෝටර් රථයක්,ඔබේ ගෙදර ගරාජය witricity සහිත area එකක්.හවසට ඔබ අවිල්ලා වාහනය නවත්වලා ගියාම උදේ  ඇවිල්ල ගනිද්දි වාහනයේ බැටරිය චාර්ජ් වෙලයි තියෙන්නේ.ඔබ නිවස අතුලට ගිහිල්ල ඔබේ බ්ලොග් එක ලියන්න ගන්නවා,ඒ සඳහා ඔබේ පරිගනකය විදුලියට සම්බන්ද කරන්න ඕන නැහැ.ඔබ පාවිච්චි කරනේ ලැප් එකක් නම් ඒකට බැටරියක් නැහ, මොකද හැම තැනම witricity, ඒ නිසා බැටරියක් අවශ්‍ය නැහැ.

Saturday, January 15, 2011

ප්‍රේමය

මෙලොව සැබෑ ප්‍රේමය හා ව්‍යාජ ප්‍රේමය යනුවෙන් දෙවර්ගයක් නැත, ඇත්තේ එකක්ම පමනකි,එනම් ව්‍යාජ ප්‍රේමයයි.ඒ ව්‍යාජ ප්‍රේමයේ රංගනය වඩාත් තාත්විකව කරන්නෝ තමා එකිනෙකාට දිවි හිමියෙන් ආලය කරන වගට මුසා බාති.
ප්‍රේමයේ සම්ප්‍රයෝගයට වඩා විප්‍රයෝගය සුන්දර වන්නේ,එනම්, විප්‍රයෝගය වඩාත් වින්දනාත්මක වන්නේ ද එනයිනි.

Monday, January 10, 2011

අදහසක්……………………



විදුලියට එතරම්ම සම්බන්ද නොවුනත් කිසියම් අදහසක් ඔබට ඉදිරිපත් කරන්නට හිතුවා.
අපිට අතීතයේ සිදු වුනු දේවල් දැක බලා ගන්නට, අසන්නට ක්‍රමයක් තියෙනවා නම් අපූරුයි නේද?
ප්‍රිය මිතුරනි,අපට කිසියම් වස්තුවක් පෙනෙන්නේ ඇයි?  ඔබ දන්නා පරිදි  කිසියම් ආලෝක ප්‍රභවයක් නිකුත් කරන ආලෝක කිරනයක් ඒ වස්තුවේ වැදිලා ඒ වැදුනු කිරනය අපේ ඇහැට ආවාමයි නේද?  ‍යමක් ඇහෙන්නේ කොහොමද?ඒ ශබ්දයට අදාල තරංගය අපේ කනට ආවාම නේද? එතකොට ඔබ ඊයේ මේ වෙලාවෙ කරමින් හිටපු දෙයට  අදාලව නිකුත් කරපු ආලෝක කිරන වලට මොකද වුනේ? ඒවා සුලු ශක්ති ප්‍රමාන වලින් හරි අද මේ අවකාශයෙ තියෙන්න ඕන නේද? ඔබ ඊයෙ කියපු දේවල් වලට අදාලව නිකුත් වෙච්ච ශබ්ද තරංගත් එසේමයි නේද? එහෙමනම් කිසියම් ක්‍රමයකින් මම මේ තරංග වර්දනය ,ඇම්ප්ලිෆයි කලොත් මට ඒ දේවල් අහන්නත් දකින්නත් පුලුවන් නේද?
එහෙමනම් ඒ අම්ප්ලිෆයි වෙන ගුනාකාරය තව දුරටත් වැඩි කරල මම ගිය සතියේ කරපු දෙයක් බලන්න පුලුවන් නේද?
තවත් ටිකක් වැඩි කරලා අසූව දශකයේදි ඕශෝ  කරපු දේශනයක් අහන්න  බලන්න පුලුවන් නේද?
තවත් ටිකක් වැඩි කරල හිට්ලර් සහ ට්‍රෝඩ්ල් අතර පවත්වපු රහස් සාකච්චාවක් අපට බලන්න අහන්න පුලුවන් නේද?
 තව දුරටත් වැඩි කරලා බුදුරජානන් වහන්සේගේ ප්‍රතම ධර්ම දේශනය අපිට අහන්න බලන්න පුලුවන් නේද?  
 එහෙමත් නැත්නම් වෙනත් ආගමික ශාස්තෲ වරයෙකුගේ දේශනා අහන්න පුලුවන් නේද?