Sunday, December 12, 2010

විදුලි මිතුරු 4

ප්‍රිය මිතුරනි ඔබ කවදා හරි කල්පනා කරල තියෙනවද ඔබෙ ගෙදරට මේ මොහොතේ විදුලිය ලැබෙන්නේ මොන බලගාරයෙන්ද කියලා? මොකද අපි දන්නවනෙ ලංකාවෙ බලාගාර කීපයක් තියෙනවා,විවිධ ප්‍රදේශ වල.මේවා වැඩ කරන්නෙ කොහොමද?
ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන එවායින් ගාල්ලට විදුලිය දෙනවා,කොලඹ තියෙන ඒවායින් කොලඹට ආදී ලෙසද? එහෙමනම් ඉතින් හම්බන්තොට බලාගාර ගොඩක් අඩුයි නේ?නුවර ගොඩාක් වැඩියි නේ?
ඒක සිද්ද වෙන්නෙ ප්‍රදේශීය වශයෙන් නොවෙයි.මුලු රටේම බලාගාර එක ජාතික ඒකකයක් බවට පත්වෙලයි වැඩ කරන්නේ.එකට තමා  grid system කියල කියන්නේ,
අපේ ප්‍රශ්නය උනේ අපේ ගෙදරට විදුලිය ලැබෙන්නෙ මොන බලාගරයෙන්ද කියන එකනේ,ඒකට උත්තරේ තමා බොහෝ විට බලාගාර කීපයක එකතුවකින් කියන එක.මේ grid එකෙන් ලබා දෙන විදුලි බලයත් ප්‍රදාන කොටස් දෙකක් තියෙනවා.මූලික විදුලි සැපයුම(base load) සහ ඊට වඩා වැඩි (peak load) හැටියට, base load ලෙස හඳුන්වන ප්‍රමානයට වඩා පහලට යන්නෙ නහැ ඉල්ලුම,peak load කියන්නෙ ඊට වඩා වැඩි ප්‍රමාන, මොකද ඔබ දන්නවනේ දවසේ වෙලාව , ගතවෙමින් පවතින ඉර්තුව වගෙ හේතු නිසා හැම වෙලාවෙම විදුලි ඉල්ලුම සමාන නහැ,සාමන්යෙන් base load එක සපයන බලාගරය හැටියට ගන්න ග්‍රිඩ් එක සතු කාර්යක්ශමම බලාගාර වර්ගය, ඒ කියන්නෙ මේ දවස් වල ලංකාවට වහිනවනේ, ඒ හින්දා මේ දවස් වල base load එක දෙන්නේ කොත්මලේ, රන්දෙනිගල වගේ ජල විදුලි බලාගාර වලින්, වැස්ස නැති කාලෙට ඒක තාප බලාගාර වලින් දෙනවා.
ඒ නිසා ප්‍රශ්නය අහන කෙනා ඔබෙන් ප්‍රශනය අහන වෙලාව අනුව ඔබෙ උත්තරය වෙනස් වෙනවා. උදේ 10 ට විතර නම්(nonpeak hours) මේ දවස් වල ඔබට කියන්න පුලුවන් ජල විදුලි බලාගාරයකින් කියලා.

Saturday, October 30, 2010

විදුලි මිතුරු 2


ප්‍රිය මිතුරනි ඔබ දැකලා තියෙනවද විදුලිය ඔබේ නිවස දක්වා ගෙන එන over head distribution lines නිර්මානය කරල තියෙන විදිය,ඒ කියන්නෙ හරස් කඩක් එහෙම? එකෙ මුකුත් විෂේශත්වයක් එහෙම දැක්කෙ නැද්ද? අලුතෙන් විදුලිය දෙන තැනක් ලඟින් හරි,අලුත් වැඩියා කිරීමක් කැරෙන තෙනක් එහෙම ලඟින් යද්දි ඔබ අනිවාර්යයෙන්ම දැකල ඇති ඒක නිකම්ම තනි ඇලුමිනියම් කම්බියක් නොවෙය්,කම්බි කීපයක මිටියක් තමා ඇත්තටම තියෙන්නෙ,ඇය් ඒ එහෙම කරල තියෙන්නෙ?නිකම් තනි කම්බියක්(අර සමානම අරයක් සහිත )ගන්න තිබුන නේ ?
අත්තටම ඔබ හොඳින්ම ලන්වෙලා බැලුවොත් පෙනේවි ඒ ඇලුමිනියම් කම්බි වටේ තියෙන අතරේ තව කම්බියක් එකෙ මැදින් තියෙනව, ඒ මැදින් තියෙන් ඈ කම්බිය වානේ steel,
ඒ වගෙම ඔබ ලන්වෙලා බෙලුවම දකීවි ඒ වානේ කම්බිය වටේ තියෙන ඇලුමිනියම් කම්බි ගනන 6ක්,12ක්..... වගේ 6 ගුනාකාරායක්.
ඒ ආකාරයට නිර්මානය කරල තියෙන්නෙ මෙන්න මේ හේතු හින්දා,
 1. අපිට එන කරන්ට් එක AC බව ඔබ දන්නවනෙ,AC සහ DC currentඑක සමාන නැහැ, AC වල ගුනාංගයක් තමය් skin effect, මේ සන්සිද්දිය නිසා විදුලිය ගෙනෙන කම්බියෙ ප්‍රතිරෝදය වැඩි වෙනව,අවසානයේ කර්යක්ශමතාව අඩු වෙන්න මේක හෙතු වෙනවා, 
 2. අර මැදින් දාල තියන වානෙ කම්බිය හින්දා සමස්ත කම්බියට ,තනි ඇලුමිනියම් කම්බි මිටියකට වඩා ශක්තියක් ලැබෙනවා, මොකද වානෙ වල tensile strength එක වැඩිය්.ඔබ දැකල ඇති දවල් කාලෙදි ඒ විදුලි රැහැන් රත්වීම නිසා ප්‍රසාරනය වෙලා පාත් වෙනව, අර මැද තියෙන වානෙ කම්බිය නැත්නම් ඕව තවත්  පාත් වෙනව.
 තව තව සුලු හේතුත් තිබුනත් ප්‍රදානම හේතු මෙවා. 
 ඔන්න දැන් ඔබ දන්නවා කවෘහරි ඇහුවොත් අර මොකද අර කම්බිය අර ව්දියට හදලා තියෙන්නෙ කියලා ඒකට උත්තරේ. 
විදුලි මිතුරු 2 

Saturday, October 2, 2010

විදුලි මිතුරු

අලුත් ආරක ලිපි පෙලක් එක්ක නැවත ඔබ හමු වන්නට හිතුවා.මෙ ලිපි පෙලෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔබ දන්න නොදන්න මට්ටමෙ තියෙන විදුලිය සම්බන්ද කාරනා දන්න දේවල් බවට පත් කිරීම. ප්‍රිය මිතුරනි ඔබ දන්නවද නිවසේදි ඔබට කිසියම් ස්තානයක විදුලිය තිබෙනවද කියල දැන ගන්න ක්‍රමය වෙන ටෙස්ටර් එක ගැන,කොහොමද ටෙස්ටෙර් එකෙ විදුලිය තිබෙන ස්තනයකදි බල්බය දැල්වෙන්නෙ?

එහිදි සිදු වෙන්නෙ අපේ ශරීරය හරහා විද්යුත් දාරව පොලවට යාම,විද්යුත් පරිපතය සම්පූර්න වෙන්නෙ එහෙමයි,ඒ කියන්නෙ අපේ ශරීරය හරහා විදුලිය යනවද? එහෙමනම් ඇයි ටෙස්ටර් එක පාවිච්චි කරන කෙනාට ක‍රන්ට් එක වදින්නෙ නැත්තෙ? ඒකට හේතුව ඒ අපේ ශරීරය හරහා යන විදුලිය ඉතාම කුඩා ප්‍රමානයක් නිසා.ඒ නිසා තමයි ඔබ සමහරවිට අත්දැකලා ඇති, විදුලි කාර්මිකයො කිසියම් තැනක විදුලිය තියෙනවද කියල බලන්න පාවිච්චි කරන්නෙ ටෙස්ට් බල්බ් එක කියන උපකරනය, එන්ම් හොල්ඩරයක සවි කරන ලද බල්බ් එකක්,ටෙස්ටෙරෙකෙන් විතරක් විදුලි කාර්මිකයො විදුලිය තිබීම ගෙන නිගමනය කරන්නෙ නැ . විදුලිය එම ස්තානයෙ තියෙන්න පුලුවන්, හැබැයි ඒ විදුලිය ප්‍රමානය අදාල කර්යය සදහා ප්‍රමානවත් නොවෙන්න පුලුවන්.
තව ප්‍රශ්නයක් අහන්නම්,ප්ලග් පොඉන්ට් එකක තියෙන එක සිදුරක් ඇතුලට ඇගිල්ල දෙම්මොත් දාන කෙනාට කරන්ට් එක වදිනවද?නැත්නම් සිදුරු දෙකම අතුලට ඇගිලි දෙකක් දාන්න ඔනද? නැ, එක සිදුරක් ඇතුලට විතරක් දැම්මම කරන්ට් එක වදිනවා.එ මොකද ඔබෙ අත තියෙන්නෙ වොල්ට් 400ක්(ත්‍රී ෆේස් නම්) විතර සහ ඔබෙ දෙපා 0 වොල්ට්,එ අනුව ඔබට කරන්ට් එක වදිනවා,එහෙනම් ටීවී එකට ඇය් ප්ලග් එකේ පින් දෙකක් තියෙන්නෙ?එක පින් එකක් විතරක් ගැහුවනම් හරිනෙ? නැ, ට්ව් එක අපෙ සිරුර වගේ අර්ත් වෙන්නෙ නැ නෙ, අනික එ පින් දෙක තියෙන්නෙ වෙනම හෙතුවකින්,එක අපි ඊලග දවසක කතා කරමු.

Sunday, September 19, 2010

ඌන පූර්නයක්


මම මීට පෙර පොස්ට් කරපු පොස්ට් එකට කිසියම් ඌන පූර්නයක් එකතු කරන්නට හිතුවා,මක්නිසාද යත් එය කියවු අය අතර ඒ පිලිබද කිසියම් කුකුසක් අතිව තිබීමයි,

එය නම් කොට තිබුනේ විප්ලවය යන නමින්,
විප්ලවයක් කියන්නෙ මොකක්ද්ද?
 "එතෙක් පවතින් තත්වය වෙනස් කිරීම සදහා කරන සන්විදානාත්මක මැදිහත් වීම" ලෙස හැදින්විය හැකියි,  පොදුවේ විශ්වවිද්යාල වල යටකී  'එතෙක් පවතින තත්වය'  වනාහි ඉතාම සුලබ ලෙස විරෝධතා ව්‍යාපාර වලට ,කිසිදු හේතුවක් නොදැන ශිෂ්‍යන් සහභාගී වීමයි.එය 'වෙනස් කරවීම' යනු යථොක්ත මාදිලියේ විරොදතවයන්ට සහභාගී නොවි ආපසු හැරී ඒමයි. එබැවින් සැබෑම “විප්ලවය“ රුල්ලට(“එතෙක් පවතින තත්වය“) ගොස් විරෝධතාවයන්ට සහභාගී වීම නොව, ඒවාට සහභාගී නොවීමයි.
මෙහි එන කථානයකයා අවසානයේ එයට සහභාගී නොවී හැරී එන්නත හිත දැඩි කර ගනී,මේ නිර්මනයට "විප්ලවය" ලෙස නම ලැබෙන්නේ ඒ අනුවය.  

Saturday, September 11, 2010

විප්ලවය


විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රඵම වතාවට ශිෂ්‍ය අරගලයක් ඇති විය.සිසුන් විසුන් සංවිධානය කොට තිබූ අවස්ථාවක් පාලනාදිකාරියේ අනුදැනුම නොමැතිව සංවිධානය කරන ලදැයි චෝදනා කරමින් එය නවතා දැමීමට නියෝග කෙරිනි.
ජවනිකාවේ අප්‍රසන්නම අඩවිය නම් පාලනාධිකාරිය තුන්වන වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දීමට සැලැස්වීමයි.මේ අප්‍රසන්න සිදුවීමට විරැද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා ශිෂ්‍යන් 1000ක් පමණ එකතු වූහ.සියලුම දෙවන වසර සහ තුන්වන වසර සිසුන් සිසුන්ට සැක් එක අසලට රැස් වන ලෙස අවසන් වසර සිසුන් පිරිසක් විසින් දැනුම් දෙනු ලැබිණ.ඒ ඊයේ සවස 2.30 ට පමණය.කැඳවීමට හේතුව එවන විට මා නොදැනසිටි බැවින්ද කලබලකාරී වාතාවරණයන් මට අප්‍රිය හෙයින්ද ඒ අවස්ථාවේ එහි නොයන්නට තීරණය කලෙමි.
රාත්‍රී 12 ට පමණ මම නින්දට යන්නට සැරසෙන අවස්ථාවේදී ලැබුණු දුරකථන ඇමතුමකින් විරෝධතාවය සඳහා හේතුවත් තවමත් සිසුන් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියාගේ නිවස ඉදිරිපිට විරෝධතාවය තවමත් දක්වමින් සිටිණ බව සඳහන් විය.මේ පහර දීම පිලිබඳ පොලිසියට පැමිණිලි කිරීමට ගිය සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනතිබිණි.විශ්වවිද්‍යාලයේ දේපල වලට හානි කිරීම ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාව විය. ශිෂ්‍ය පාර්ෂවයෙන් කෙරුණු එකම ඉල්ලීම නම් ප්‍රහාරයට සහභාගී  වූ නිලධරයන්  හා නියෝග නිකුත් කළ වුන්  සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි.ඒ සරල තීරණය ක්‍රියාත්මක නොකර ඒ ජඩයින්ව ආරක්ෂා කිරීමට පාලකයෝ තව දුරටත් ප්‍රයත්න දරති.ඒ අනුව මාගේ සහෝදර ශිෂ්‍යන් අරඹයා එල්ල වු පාදඩ ප්‍රහාරයට එරෙහිව නැඟීසිටීමට මා අදිටන් කර ගතිමි.මා එමොහොතේම නේවාසිකාගාරයෙන් පිටවීමි.අදාල සෟථානාය් අති විෂාල පොලිස් බලමුලුවක් ආයුධ සන්නද්ධව රඳවා තිබිණි.
ශීත සෘතුවේ වඩාත් සීතල දිනෙක රාත්‍රී 12 ට අධික සීතලෙන් ගැහෙමින්  අප හැම එකම  ශ්‍රේෂ්ට අරමුණක් සඳහා පෙලගැසුනෙමු.අපගේ රැධිරයෙන් මේ පොලොව තෙත් වුනා දෙන්.අපගේ සිරුරු මේ පොලොවට පස් වුනා දෙන්.අතපය විලංගු ලා පහර පිට පහර දියන්.ෆැසිස්ට් වාදී පාලක නරුමයිනි, තොපිට හැකි දෙයක් කරපියව්.එහෙත් අසාධාරණයට එරෙහි අපගේ නැගිටීම නවත්වන්නට තොපිට බෑ.නිරායුධ අප ඉලක්ක කර ආයුධ මානා සිටින නිවට පොලිස් භටයිනි, තොපි මා සිරභාරයට ගතහොත් මම ඉතා චිත්ත ප්‍රීතියෙන් සිරගෙට යමි.යක්ෂයන් සමඟ සම්මුති සාකච්චා නොතිබිය යුතුය.යුක්තිය සඳහා වු මේ සටන කෙලවර විය යුත්තේ ශිෂ්‍ය විජයග්‍රහනයෙනි.සහෝදර වරුනි දුර්මුඛ වීමෙන්  හෝ අපගේ ඉල්ලීම් අතහැර දැමීමෙන් හෝ වයාපාරයට කැප වූවන් පාවාදීම සිදුවනු ඇති.


වේලාව රාත්‍රී 12.30 ට පමණ ඇත.මම මඳකට සිටි තැනම නතර විමි. මට ඉහලින්  සුවිසල් අහස් කුසවෙයි.එහි පුංචි පුංචි තාරකාවෝ දහස් ගණනක් දිලෙති.බිම සිටිනා මට ඒවා ඉතා කුඩාවට පෙනුනත් ඒ තාරකාවෝ නම් අපගේ සෙෘරග්‍රහ මණ්ංලයේ සූර්යයා මෙන්,අපගේ මුලු ‍සෙෘරග්‍රහ මණ්ඩලයට ආලෝකයද ජීවයද සපයන සූර්යයා මෙන් ,තවත් කිසියම් සෙෘරග්‍රහ මණ්ඩලයකට ජීවය සපයන සූර්යයෝය.
සැබැවින්ම මා කවුද?    ලංකාවේ හද්දා පිටිසෙරක ඉපිද නිදහස් අධ්‍යාපනයේ වාරුවෙන්ම පමණක්  පියෙන් පිය ඉහලට නැගුනෙක්මි.අපගේ අධ්‍යාපනය උදෙසා රත්තරං දෙමව්පියන් විඳි නොවක් දුක්කවේදනා මා නෙත් අභිමුව මැවීපෙණින.අනන්ත වර සිය බෙහෙත් වේලට මුදල් වෙන් නොකර අපගේ ඇස් පෑදීමට ඔවුන් කල කැපවීම සිහි වීමෙන් මට ඉකිබිඳුම් ආවේය.,එදා මා ලංකාවෙන් සමුගන්නා අවස්තාවේදී තාත්තාගේ විඩාබර දෑසේ දුටු කඳුලු මට සිහි විය.තව දුරටතු ඉදිරියට යා නොහී මගේ පය පැකිලෙන්නාසේ දැනිනි.මම ආපසු හැරැනෙමි.මගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් මම ආපසු හැරුනෙමි.මේ විරෝදතාවයට මම තවදුරටත් සහභාගි නොවෙමි.


මෙතෙක් වේලා ඝන කලු වලාකුලකින් වැසී තිබූ සෙෘම්‍ය සඳ පායා ආයේය.ඈත අහසේ දිදුල තාරකාවෝද  පිරිවරාගෙන එසඳ මා සමඟ, මා තනි වී නැති වග කියන්නට මෙන් ,මා සමඟම ,අඳුරේම , මටත් පෙර නවාතැනට පැමිණියේය.


මෙය මාගේ දිනසටහනෙන් අපුටා ගන්නා ලද්දකි,2010 03 22

Sunday, August 29, 2010

කෙටි කතාවක් නොවේ............

මෙය පෟද්ගලික අත්දැකීමක් නොව, සිතින් පෝෂනය කරන ලද ගද්‍යමය ආඛ්‍යානයකි.

විශ්වවිද්‍යාලයෙන් පිට වනවාත් සමඟම රැකියාවක් සඳහා ඉල්ලුම් කෙලෙමි.සාමාන්‍ය මට්ටමේ පුද්ගලික ආයතනයක් වූ එහි රැකියාවට මා ඉල්ලුම් කලේ මා එයට විෂේශයෙන් ඇලුම් කල නිසා නොව , අත්දැකීම් ඉල්ලානොතිබූ එකම රැකියාව එය බැවිනි.ඇරත් මගේ විෂය ට අදාලව ලැබිය හැකි සාමාන්‍ය මට්ටමේ රැකියාවකි එය.එයට අදාල සම්මුඛපරීක්ෂන වට කිහිපයකින් දින 4 ක පමණ සිට පැවැත්වෙමින් තිබේ.මුලින්ම තිබුණේ written test එකයි .එහි ප්‍රතිපල වලින් ඊළඟ දිනයේදී සම්මුඛපරීක්ෂනය පැවැත්විණි. ඒ අවස්තාවේදී මගේ answer sheet පරීක්ෂකවරයා අත තිබිණි. මට රැකියාව ස්තිර වග වටහා ගතිමි.ඒ සිකුරාදාය.ඊළඟ වටයට අදාල වැඩ කටයුත්තක් සඳහා මම කොළඹ රැඳී සිටිය යුතු විය.පසු ගිය දින 4ම  මා රැඳ සිටියේ මගේ මිතුරෙකුගේ බෝඩිමේය. සැබැවින්ම එ නිවැසියන්ට ඔහු බෝඩිං කරැවෙකු නොව පවුලේම කෙනෙකි. එහෙත් අද උදෑසන හදිසියේම ඔහුගේ ගමේ අදාල කිසියම් කටයුත්තක් සඳහා ඔහුට නිවස බලා යාමට සිදු විය. 

මිතුරා නොමැතිව මේ නිවසේ රැඳී සිටීම මහ නින්දාවක් ලෙසිනි මට දැනුනේ.යන්න එන්න තැනක් නැති අසරණයෙකි මම. මා මේ සුවිසල් කොළඹ තමන්ගේ කියා බලු බල්ලෙක් නැති ඕපපාතිකයෙකුයැයි මේ නිවැසියෝ කල්පනා කරණු ඇත.මෙහි නිවැසියෝ මට ඉතා ආදරයෙන් සලකකති.එයද මා උහුලා සිටිනුයේ ඉතා අපහසුවෙනි.කිසිවෙකු මට ආදරය කරැණාව දැක්වීම මම කිසි කලක නොරැස්සමි.මට ආදරය දක්වන්නෝ තලා පෙලා දැමීමෙන් මම වියරැ ප්‍රීතියක් විඳිමි.මාතින් ඒ වරද මෙමිනිසුන්ට සිදුවීම වලක්වා ගැනීමට මම පසු ගිය දින කිහිපය මුලුල්ලේම මහත් වෑයමින් සමත්වීමි.
කිරීමට අන් කිසිවක් නැතිව නිකම්ම සිටිනා නිකමෙකු වෙනුවට කාර්යබහුල බව රගපෑමට ඉටා ගතිමි.
කිසිවෙකු මුණගැසීමට යොදා ගෙන ඇති වග පවසා ගෙදරින් පිටවීමි.
“රෑ නොවී එන්න පුතා“  ගෙහිමි අන්කල් කීවේය.
දැන් කොහි යන්නටද?විජේරාම හන්දියට පැමිණ 138 බසයකට නැගුනෙමි.දැන් ඊළඟට? කොන්දොස්තර  සිය කර්තව්‍යෙයහි යුහුසුලුය.ඉතා ඉක්මනින් මුදල් ගනි ., ඉතිරි දෙයි. ඇත්තටම ඹහු ඉතාම කාර්යබහුලය.මටත් නුඹ මෙන් කාර්යබහුල වන්නට ඇත්නම්.මට එහා පැත්තේ වාඩි වී සිටි මිනිසා ටවුන් හෝල් යන්නට ටිකට් ගත්තේය.මමත් යන්නට අන් කවර ස්තානයක් වත් සිතා ගත නොහී ටවුන් හොල් වෙත ටිකට් ගතිමි.වෙලාව හවස 3යි., මුලු හවස් වරැවම මෙහි සිටගෙන සිටින්නද?කාලය මා කෙලෙස ගෙවා ගනිම්ද?අනේ මම කොච්චර තනි වුනු මිනිසෙක්ද?මා හඳුනන කිසිවෙකු මේ විසල් පුරයෙහි නැති හැටි.අයියාවත් අන් කවර මිතුරෙකුවත් වෙත ගොස් ඔවුන්ට වාතයක් වන්නට මම නොකැමති වෙමි.අනික අද ඉරිදා බොහෝවුන් ගම්බිම් බලා ගොස් ඇති.දකුණට ද වමට ද යන්නට දැයි නොදනිමි.ආපසු හැරී යන්නට කිසිසේත් නොහැක.ජීවිතය මීට වඩා ආදරණීය විදියට මට සලකනාවනම්!මේ සියල්ල අතහැර ගෙදර දිවයන්නට සිතෙයි මට.පසෙකින් විහාරමහා දේවී උද්‍යිනය වෙයි.බොහෝවේලා සිටගෙන සිටීමෙන් ලද චිත්ත මෙන්ම ශාරීරික වේදනාවෙන්ද පෙලනා ලද මම අවසානයේ එහි යන්නට ඉටා ගතිමි.එහෙත්  ...............එහි දොරටුවෙන් ඇතුලුවෙන් කිසිවෙකු තනිව නොයති.ඉතා ආදරයෙන් තුරුලු කරගත් ආදරවන්තියක සමඟය ඇතුලු වනුයේ.මෙය දැකීමෙන් මගේ සන්තානය අඳුරු වලාවකින් වැසී ගියේය.මගේ තනි කමද ශෝකයද තවත් වැඩි විය.මා ඇතුලට ගියොත් දකින්නේ තවත් මෙවැනිම දසුන්ය.මට මා ගැන උපන් ශෝකය දරා ගත නොහැකි වනු ඇති.සමහර විට අද ඉරිදා සේවා ස්ථානයේ නිවාඩු බැවින් ඇයද ඔහු සමඟ මෙහි පැමිණ ඇති. හොඳයි මේ ස්ඵානයත් තනිකමේ බිංදු මාත්‍රයකුදු නැති නුඹලාම අරක්ගෙන.තනිකම දරා ගත නොහැකිව මා ඇතුලු වන තුරුය මා පෙලන්නට නුඹලා බලා සිටිනුයේ.ප්‍රිය මිතුරනි මෙතැනත් නුඹලාම විනෝද වෙයන්.සැබැවින්ම මෙය “විනෝද උයනකි“. විනෝද උයන් තනා ඇත්තේ අප වැනි තනි වූ ප්‍රාණීන්ට නොව නුඹලා වැනි ප්‍රීතිමත් මිනිසුන්ටය. නුඹලාට කිමද මා බාධා කරන්නේ?
ආපසු හැරී බස් නැවතුමටම ආවෙමි.දැන්?  හැම බස් රතයේම නාම පුවරු දෙස බලාපොරොත්තු දල්වා බලා සිටින කාර්යබහුල මගියෙකුගේ චරිතය මඳවේලාවක් නිරූපනය කලෙමි.ටවුන් හොල් හරහා යා හැකි සියලුම මාර්ගවල එක බසයක්වත් මා සිටි ස්තානය පසු කරන්නට ඇති.තවත් කොපමණ කාලයක් මේ රංගනය කරන්නටද? කොල් එකක් වත් එනවා නම්!ඒත් මට කෝල් කරන්නට ඉන්නේ කවුද?
හදිසියෙම මට මරදානට යා හැකි වග සිහි විය.එහි පොත් සාප්පු වල ඇවිදිමින් පොත් අතගාමින් මඳ වේලාවක් ගත කල හැකිය.එහෙත් අද ඉරිදා මරදානේ පොත් සාප්පු වසන දවසයි.එහෙත් මෙතැන සිටිනවාට වඩා එහි ගොස් පොත් සාප්පු වසනා බව නොදන්නෙකු මෙන් රඟපෑමට හැකිය.හොඳයි මෙතන සිට බොරැල්ලට ගියොත් එතැන සිට පය්න්ම යා හැක.බොරැල්ල හරහා යන බස් 3ක් පමණ යන්නට දී ඉන් පසු ආ බසයෙක නැගුනෙමි.

Sunday, August 22, 2010

වංක සිනාවෙන් අවංක සිනාවට....................

කලින් දාපු පෝස්ට් එක මගේ දින සටහනෙන් උපුටා ගත්තේ.මේකත් එහෙමයි.මේ සටහන මේ අවුරුද්දේ ජනවාරි මාසෙ අග්ගිස්සේ දොහක තබාපු සටහනක්.
මෙහි පලවන ප්‍රධාප ප්‍රවෘති සඟරාවක වෛෂ්‍යාවක් පිලිබඳ සටහනක් තිබුනා.ඇය ඒ රැකියාව අකමැත්තෙන් කරන වගත් ,ඒ වගට හේතු කිහිපයකුත් දක්වා තිබුණා.මට මතක් වුණා මම ගාල්ලේ දී දැකපු සිද්දියක්.
එදා සිංහල අවුරුද්දට ආසන්න දවසක්.මට මතක විදියට අප්‍රේල් 12 විතර.
ගාල්ල බස් නැවතුමේදී මම දැක්කා අවුරුදු 50 ක විතර බවලත් වයසේ ගැහැණු කෙනෙක්. ඇය මුහුණ පුරා පුයර යොදා ඉතා පැරණි කොණ්ඩ විලාසිතාවකින් සිය හිස සරසා ගෙන සිටියා.මුහුණ සැරසී තිබුණේ ආයාසයෙන් මවා ගතත්තු ව්‍යාජ සිනාවකින්.සිය අභ්‍යන්තරයෙන් දැවෙමින් ,තමා ගැන උපන් ආත්මානුකම්පාවෙන් මඬනා ලද සිතුවිල්ලෙන් ඇසට නැගෙන කඳුල වලක්වා ගන්න ගත්තු ප්‍රයත්නය වියලි හිනාවකින් මුවට වැඩ තිබුනා. ඇගේ අතේ කුඩයක් තිබුනා.ගාල්ල බස් නැවතුමේ මේ රැකියාව කරන කිහිප දෙනෙක් හිටියත්  මම ඇයව මීට පෙර දැක තිබුණේ නැහැ.ඒ හින්දා අවුරුදු සමරන්නට මුදල් සොයන කෙනෙක් වෙන්නට ඇතැයි මම හිතුවා.
AL කරපු ඒ කාලය මෙතෙක් මගේ ජීවිතේ ගත කරපු ඉතාම සුන්දරම කාලයක්.මම ඒ කාලේ පුරුද්දක් හැටියට ම වාඩි වෙන්නේ බස් එකේ පිටිපස්සේ දොරට ඉස්සරහ සීට එකේ කෙලවරේම.මුලු ලොවම මගේ හිත තුල දමා එහෙ මෙහෙ කලවම් කර හැම දාම අලුත් යමක් හිතන්න උත්සාහ කලා .
 ඊට පහු වෙනිදා අර විදියට වාඩි වෙලා ජනේලයෙන් එලිය බලාගෙන යද්දි මම දැක්කා අර ක‍ාන්තාව පොලේ රෙදි තෝරනවා.(අවුරුදු කාලෙට ගාල්ලෙ පොලිසිය ඉස්සරහ pavement එක පොලක් වෙනවා). මට ක්ෂනිකව හැරී බැලුනා.
ඇය අවුරුදු සමරන්නේ එපරිද්දෙන්.ඇගේ මුහුණේ අර මා එදා දුටු සිනාවට වඩා ඉතා සොඳුරු අවංක සිනාවක් ඇඳී තිබුනායැයි මට සිතුනා.
වංක සිනාවකින් අවංක සිනාවකට එළැඹීම එහෙම නොඑළැඹී හූල්ලමින් සිටිනවාට වඩා යෙහෙකැයි මට හිතුනා.ගණිකා වෘත්තිය සාධාරණීකරණය කරනවා නෙවෙයි මේ,ඈ ඈට සාපේක්ෂව සාධාරණයි කියලා හිතුණු විදිවට විඳි චිත්තප්‍රිතියට අනුබල දුන්නා විතරයි.ප්‍රේමය ද පරිත්‍යාගයද අති උත්තම හැඟීම් වෙතැයි සිතා සිටි ඒ යුගයේ ඇයව පෙනුනේ මහ උපහාසාත්මක දෑසකින්.

Monday, August 16, 2010

සේකර........


ජීවිතය
2010 ජනවාරි 22 සිකුරාදා තැබූ සටහනක්
සේකර ගැන රසික (රසික ජයකොඩි- රිවිර ඉරිදා)‘ දවසක්දා හැන්දෑවක‘  හි ලියා තිබුනා, සේකර විෂය නො‍වෙතත් ඔහුගේ ‘නොමියෙමි’ ගැනයි සටහන තිබුනේ. ‘නොමියෙමි මම කියෙව්වේ 2009 ජුනි විතර.අමරෙද්වයන් සිංදුවක් කොට ගයන ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීය නිසඳැසක වේශයෙන් ‘නොමියෙමි’ හි තියෙනවා.සේකර හදවත් රෝගයකින් පෙලමින් මරණයේ දොරටුවත් ජීවිතයේ එළිපත්තත් යුගලයම ඒක විට ස්පර්ෂ කරමින් ගතකරපු යුගයක ලියවුනු නිසඳැස් ටිකක්.අන්තිම නිසඳැස ‘පුතය වගේ මම යනවා ,බස් එකෙන්ම ගෙදර යන්න’ ආදී ලෙස අවසන් කොට තිබුනා.සමහර කෙනෙක්ට ජීවිතය කියන්නේ ඒතරම්ම සරල සංකල්පයක්.මම ජීවිතය ගැන සරලව හිතන්නෙ නැහැ කවදාවත්.මම විෂ්වාස කරන්නෙ හැමෝම ජීවිතය ගැන හිතනන්න ඕන ගාම්භීර විදියට.ඒහෙත් ඒ සංකල්පය සේකරෙග් සරල ජීවන දහම අඩංගු ‘නොමියෙමි’ රස විදින්න බාධාවක් උනේ නැහැ.තමන් අදහන දර්ශනයම හරය කරගත්තු කලාංගයක් එය රසවිදින්නාට අනුව යහපත් කලා කෟතියක් වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි.  කලාකෘතියක් රසවිඳීම තමන්ගේ අවසාන ජීවන අරමුණට රුකුල් නොදෙන්නක් නම් එවැන්නකින් ලැබෙන ප්‍රතිපලය ඉතාම අල්පයි.කොටින්ම ඉන් අයහපත් ප්‍රතිපලයක් වුව අත් වෙන්න පුලුවන්.
මේ සංකල්පය දිව යන්නේ මම එක්තරා කලකට ඉහතදි සාදනය කරගත්තු දර්ශනයකටයි.සුපිරි පරිපූර්ණ නිදහසකට වඩා , කිසියම් අරමුණක් වෙනුවෙන් ගැතිකම් කරන හිතක මහිම ඉහල වෙයි.කොටින්ම නිදහස් මනසක් ,නිදහස් මිනිසෙක් කියන්නෙ අරමුණක් නැති හිස් මනුෂ්යෙක්.තමන් කරන කියන හැම දෙයක්ම ඒ අරමුණ වෙතම එල්ල වෙච්ච විටකදී ඒක  වඩාත් ආෂ්චර්යමත්.කෙනෙක්ගේ යථෝක්ත අරමුණ කලා කෘතියකින් මිහිර සෙවීම නම්, එනම් එයම ජීවිතය කරගත්තෙකුට ඒක ප්‍රහර්ෂයක් වෙන්න බැරි කමක් නහැ.පුවත්පත් සගයෙකුට ඒක එහෙම වීම අනපේක්ෂිත දෙයක් නෙවෙයි.ජීවිතයේ කාලයක ගීතයක අර්ථය , නවකතාවක යටි පෙල සොයමින් එය සොයා ගන්නා ලදින් ,හෙරා පොලිස් කෙලියේ හොරා ඇල්ලූ පොලිස් භටයෙකුගේ ලාමක ප්‍රීතිය වින්දෙමි.ඒවා මුග්ධකම් යයි නොහඟමි.ජීවිතය ඇත්තටම මහ චමත්කාරජනක යන්ත්‍රයක්.සේකර ගැන ලියද්දි අනිවාර්යෙන්ම ලිවිය යුතු තවත් දෙයක් තියෙනවා.මට ශක්තිය දෙන්නෙ සේකරගේ නිර්මාණයක තිබුණු පද කිහිපයක්.“ජීවිතයේ තෙරක් නොපෙනෙනා දුක් අභිමුව චමත්කාරයක් වනු මැන“ 

Friday, August 13, 2010

විශ්වවිද්‍යාලය


කුණු වී පල් ගඳ ගසනා
පිළුණු කෑම උතුරා යයි
පිනට බෙදන දන්සලක්ය
බැතිමත්තෝ පොරකා කන

දිවා රුයේ නිදි වරලා
වෙර වීරිය කරලා
අපමණ සුව සිහින මල්ල
හිසේ තියං මෙහි ආවේ

ණැන සයුරක පහස ලබා
රිස(ර්)ච් ප්‍රොජෙක්ට් තව කරලා
පේබ(ර්)ස් පබ්ලිෂ් කරලා
පොරක් වෙන්න හිතං ආවෙ

විභාගයෙන් විභාගයට
සූදානම් වෙනවා හැරුනම
අන් කිසිවක් කරනු තියා
හිතන්නවත් නැහැ වෙලාව

සෙවල බැඳුණු බිත්ති පුරා
පුස්කෑ  ෙඩස් බංකු පුරා
අලුෙතන් සායං ගාලා
බෑ කරන්න විපරියාස

අලුෙතන් බිජුවට ඉහලා
වැටෙකාටු හැම බිඳ දමලා
නවමුව හිතනා ගුරුවරු
ෙගනත් දියව් ෙහටවත් මට

Thursday, August 12, 2010

............................................

අමා වැස්සක් විලස පතිතව
නියං සායෙන් පැලුනු පොලොවට
තෙත සිසිලස යුවල නොදී
ඇද හැලිලා ඔබ ගියා මැකී

සාහිත ප්‍රේමය ලොවේ මවන්නට
ප්‍රේමාවේෂව මොක් සුව විඳි මට
අමාවක රන් තරුව ලෙස නැග
මැදියමටත් පෙර නිවී ගියා ඔබ

සීත යුගේ ගැහෙන සිසිලෙන්
දෑත පොරවා බලා හිඳියෙමි
රනින් දැවෙමින් හිරු සේ පෙනී
පරව ගියා ඔබ උණුහුම නොදී

Monday, August 9, 2010

.................

මහද සසිල් සුව අරණේ 
ලැගුම් ලැබුව පින්වන්තී
මහද අදර දෙවොල පුරා
සක්මන් කර එය සැරදසූ

ප්‍රේමය මල් සුවඳක් මැයි
ඔබ එය දුන් පුෂ්පය මැයි
ම්‍රදු හදකින් මා වින්දේ 
සුවඳ පමණි ඒ කුසුමේ

රොනට ඇදුනු බඹරු පතා
සුවඳක් මිස කිසිත් නොවිඳි
මා ආදර දෙවොල සිඳා 
මල ඈතට යන්න ගියා
Photoshopped Rose With Desaturated Background

Sunday, August 8, 2010

දුයිෂන්ත්

පුරා සිය මුලු දිවියම
හ0ගා හැඟුමි හොරහම
ගෙවා කල් රටටම
දරා හුදෙකල් තනිවම

අවපස යුගයෙම
තැ‍ෙවමින් ඈ ගැන
රවටා තම සිත
ගෙවූ අතීතය

කුමටද මෙලොවම 
ලැබුනත් මා හට
නැතිනමි ඇය මට
තනිව හිතයි අද