Sunday, August 29, 2010

කෙටි කතාවක් නොවේ............

මෙය පෟද්ගලික අත්දැකීමක් නොව, සිතින් පෝෂනය කරන ලද ගද්‍යමය ආඛ්‍යානයකි.

විශ්වවිද්‍යාලයෙන් පිට වනවාත් සමඟම රැකියාවක් සඳහා ඉල්ලුම් කෙලෙමි.සාමාන්‍ය මට්ටමේ පුද්ගලික ආයතනයක් වූ එහි රැකියාවට මා ඉල්ලුම් කලේ මා එයට විෂේශයෙන් ඇලුම් කල නිසා නොව , අත්දැකීම් ඉල්ලානොතිබූ එකම රැකියාව එය බැවිනි.ඇරත් මගේ විෂය ට අදාලව ලැබිය හැකි සාමාන්‍ය මට්ටමේ රැකියාවකි එය.එයට අදාල සම්මුඛපරීක්ෂන වට කිහිපයකින් දින 4 ක පමණ සිට පැවැත්වෙමින් තිබේ.මුලින්ම තිබුණේ written test එකයි .එහි ප්‍රතිපල වලින් ඊළඟ දිනයේදී සම්මුඛපරීක්ෂනය පැවැත්විණි. ඒ අවස්තාවේදී මගේ answer sheet පරීක්ෂකවරයා අත තිබිණි. මට රැකියාව ස්තිර වග වටහා ගතිමි.ඒ සිකුරාදාය.ඊළඟ වටයට අදාල වැඩ කටයුත්තක් සඳහා මම කොළඹ රැඳී සිටිය යුතු විය.පසු ගිය දින 4ම  මා රැඳ සිටියේ මගේ මිතුරෙකුගේ බෝඩිමේය. සැබැවින්ම එ නිවැසියන්ට ඔහු බෝඩිං කරැවෙකු නොව පවුලේම කෙනෙකි. එහෙත් අද උදෑසන හදිසියේම ඔහුගේ ගමේ අදාල කිසියම් කටයුත්තක් සඳහා ඔහුට නිවස බලා යාමට සිදු විය. 

මිතුරා නොමැතිව මේ නිවසේ රැඳී සිටීම මහ නින්දාවක් ලෙසිනි මට දැනුනේ.යන්න එන්න තැනක් නැති අසරණයෙකි මම. මා මේ සුවිසල් කොළඹ තමන්ගේ කියා බලු බල්ලෙක් නැති ඕපපාතිකයෙකුයැයි මේ නිවැසියෝ කල්පනා කරණු ඇත.මෙහි නිවැසියෝ මට ඉතා ආදරයෙන් සලකකති.එයද මා උහුලා සිටිනුයේ ඉතා අපහසුවෙනි.කිසිවෙකු මට ආදරය කරැණාව දැක්වීම මම කිසි කලක නොරැස්සමි.මට ආදරය දක්වන්නෝ තලා පෙලා දැමීමෙන් මම වියරැ ප්‍රීතියක් විඳිමි.මාතින් ඒ වරද මෙමිනිසුන්ට සිදුවීම වලක්වා ගැනීමට මම පසු ගිය දින කිහිපය මුලුල්ලේම මහත් වෑයමින් සමත්වීමි.
කිරීමට අන් කිසිවක් නැතිව නිකම්ම සිටිනා නිකමෙකු වෙනුවට කාර්යබහුල බව රගපෑමට ඉටා ගතිමි.
කිසිවෙකු මුණගැසීමට යොදා ගෙන ඇති වග පවසා ගෙදරින් පිටවීමි.
“රෑ නොවී එන්න පුතා“  ගෙහිමි අන්කල් කීවේය.
දැන් කොහි යන්නටද?විජේරාම හන්දියට පැමිණ 138 බසයකට නැගුනෙමි.දැන් ඊළඟට? කොන්දොස්තර  සිය කර්තව්‍යෙයහි යුහුසුලුය.ඉතා ඉක්මනින් මුදල් ගනි ., ඉතිරි දෙයි. ඇත්තටම ඹහු ඉතාම කාර්යබහුලය.මටත් නුඹ මෙන් කාර්යබහුල වන්නට ඇත්නම්.මට එහා පැත්තේ වාඩි වී සිටි මිනිසා ටවුන් හෝල් යන්නට ටිකට් ගත්තේය.මමත් යන්නට අන් කවර ස්තානයක් වත් සිතා ගත නොහී ටවුන් හොල් වෙත ටිකට් ගතිමි.වෙලාව හවස 3යි., මුලු හවස් වරැවම මෙහි සිටගෙන සිටින්නද?කාලය මා කෙලෙස ගෙවා ගනිම්ද?අනේ මම කොච්චර තනි වුනු මිනිසෙක්ද?මා හඳුනන කිසිවෙකු මේ විසල් පුරයෙහි නැති හැටි.අයියාවත් අන් කවර මිතුරෙකුවත් වෙත ගොස් ඔවුන්ට වාතයක් වන්නට මම නොකැමති වෙමි.අනික අද ඉරිදා බොහෝවුන් ගම්බිම් බලා ගොස් ඇති.දකුණට ද වමට ද යන්නට දැයි නොදනිමි.ආපසු හැරී යන්නට කිසිසේත් නොහැක.ජීවිතය මීට වඩා ආදරණීය විදියට මට සලකනාවනම්!මේ සියල්ල අතහැර ගෙදර දිවයන්නට සිතෙයි මට.පසෙකින් විහාරමහා දේවී උද්‍යිනය වෙයි.බොහෝවේලා සිටගෙන සිටීමෙන් ලද චිත්ත මෙන්ම ශාරීරික වේදනාවෙන්ද පෙලනා ලද මම අවසානයේ එහි යන්නට ඉටා ගතිමි.එහෙත්  ...............එහි දොරටුවෙන් ඇතුලුවෙන් කිසිවෙකු තනිව නොයති.ඉතා ආදරයෙන් තුරුලු කරගත් ආදරවන්තියක සමඟය ඇතුලු වනුයේ.මෙය දැකීමෙන් මගේ සන්තානය අඳුරු වලාවකින් වැසී ගියේය.මගේ තනි කමද ශෝකයද තවත් වැඩි විය.මා ඇතුලට ගියොත් දකින්නේ තවත් මෙවැනිම දසුන්ය.මට මා ගැන උපන් ශෝකය දරා ගත නොහැකි වනු ඇති.සමහර විට අද ඉරිදා සේවා ස්ථානයේ නිවාඩු බැවින් ඇයද ඔහු සමඟ මෙහි පැමිණ ඇති. හොඳයි මේ ස්ඵානයත් තනිකමේ බිංදු මාත්‍රයකුදු නැති නුඹලාම අරක්ගෙන.තනිකම දරා ගත නොහැකිව මා ඇතුලු වන තුරුය මා පෙලන්නට නුඹලා බලා සිටිනුයේ.ප්‍රිය මිතුරනි මෙතැනත් නුඹලාම විනෝද වෙයන්.සැබැවින්ම මෙය “විනෝද උයනකි“. විනෝද උයන් තනා ඇත්තේ අප වැනි තනි වූ ප්‍රාණීන්ට නොව නුඹලා වැනි ප්‍රීතිමත් මිනිසුන්ටය. නුඹලාට කිමද මා බාධා කරන්නේ?
ආපසු හැරී බස් නැවතුමටම ආවෙමි.දැන්?  හැම බස් රතයේම නාම පුවරු දෙස බලාපොරොත්තු දල්වා බලා සිටින කාර්යබහුල මගියෙකුගේ චරිතය මඳවේලාවක් නිරූපනය කලෙමි.ටවුන් හොල් හරහා යා හැකි සියලුම මාර්ගවල එක බසයක්වත් මා සිටි ස්තානය පසු කරන්නට ඇති.තවත් කොපමණ කාලයක් මේ රංගනය කරන්නටද? කොල් එකක් වත් එනවා නම්!ඒත් මට කෝල් කරන්නට ඉන්නේ කවුද?
හදිසියෙම මට මරදානට යා හැකි වග සිහි විය.එහි පොත් සාප්පු වල ඇවිදිමින් පොත් අතගාමින් මඳ වේලාවක් ගත කල හැකිය.එහෙත් අද ඉරිදා මරදානේ පොත් සාප්පු වසන දවසයි.එහෙත් මෙතැන සිටිනවාට වඩා එහි ගොස් පොත් සාප්පු වසනා බව නොදන්නෙකු මෙන් රඟපෑමට හැකිය.හොඳයි මෙතන සිට බොරැල්ලට ගියොත් එතැන සිට පය්න්ම යා හැක.බොරැල්ල හරහා යන බස් 3ක් පමණ යන්නට දී ඉන් පසු ආ බසයෙක නැගුනෙමි.

Sunday, August 22, 2010

වංක සිනාවෙන් අවංක සිනාවට....................

කලින් දාපු පෝස්ට් එක මගේ දින සටහනෙන් උපුටා ගත්තේ.මේකත් එහෙමයි.මේ සටහන මේ අවුරුද්දේ ජනවාරි මාසෙ අග්ගිස්සේ දොහක තබාපු සටහනක්.
මෙහි පලවන ප්‍රධාප ප්‍රවෘති සඟරාවක වෛෂ්‍යාවක් පිලිබඳ සටහනක් තිබුනා.ඇය ඒ රැකියාව අකමැත්තෙන් කරන වගත් ,ඒ වගට හේතු කිහිපයකුත් දක්වා තිබුණා.මට මතක් වුණා මම ගාල්ලේ දී දැකපු සිද්දියක්.
එදා සිංහල අවුරුද්දට ආසන්න දවසක්.මට මතක විදියට අප්‍රේල් 12 විතර.
ගාල්ල බස් නැවතුමේදී මම දැක්කා අවුරුදු 50 ක විතර බවලත් වයසේ ගැහැණු කෙනෙක්. ඇය මුහුණ පුරා පුයර යොදා ඉතා පැරණි කොණ්ඩ විලාසිතාවකින් සිය හිස සරසා ගෙන සිටියා.මුහුණ සැරසී තිබුණේ ආයාසයෙන් මවා ගතත්තු ව්‍යාජ සිනාවකින්.සිය අභ්‍යන්තරයෙන් දැවෙමින් ,තමා ගැන උපන් ආත්මානුකම්පාවෙන් මඬනා ලද සිතුවිල්ලෙන් ඇසට නැගෙන කඳුල වලක්වා ගන්න ගත්තු ප්‍රයත්නය වියලි හිනාවකින් මුවට වැඩ තිබුනා. ඇගේ අතේ කුඩයක් තිබුනා.ගාල්ල බස් නැවතුමේ මේ රැකියාව කරන කිහිප දෙනෙක් හිටියත්  මම ඇයව මීට පෙර දැක තිබුණේ නැහැ.ඒ හින්දා අවුරුදු සමරන්නට මුදල් සොයන කෙනෙක් වෙන්නට ඇතැයි මම හිතුවා.
AL කරපු ඒ කාලය මෙතෙක් මගේ ජීවිතේ ගත කරපු ඉතාම සුන්දරම කාලයක්.මම ඒ කාලේ පුරුද්දක් හැටියට ම වාඩි වෙන්නේ බස් එකේ පිටිපස්සේ දොරට ඉස්සරහ සීට එකේ කෙලවරේම.මුලු ලොවම මගේ හිත තුල දමා එහෙ මෙහෙ කලවම් කර හැම දාම අලුත් යමක් හිතන්න උත්සාහ කලා .
 ඊට පහු වෙනිදා අර විදියට වාඩි වෙලා ජනේලයෙන් එලිය බලාගෙන යද්දි මම දැක්කා අර ක‍ාන්තාව පොලේ රෙදි තෝරනවා.(අවුරුදු කාලෙට ගාල්ලෙ පොලිසිය ඉස්සරහ pavement එක පොලක් වෙනවා). මට ක්ෂනිකව හැරී බැලුනා.
ඇය අවුරුදු සමරන්නේ එපරිද්දෙන්.ඇගේ මුහුණේ අර මා එදා දුටු සිනාවට වඩා ඉතා සොඳුරු අවංක සිනාවක් ඇඳී තිබුනායැයි මට සිතුනා.
වංක සිනාවකින් අවංක සිනාවකට එළැඹීම එහෙම නොඑළැඹී හූල්ලමින් සිටිනවාට වඩා යෙහෙකැයි මට හිතුනා.ගණිකා වෘත්තිය සාධාරණීකරණය කරනවා නෙවෙයි මේ,ඈ ඈට සාපේක්ෂව සාධාරණයි කියලා හිතුණු විදිවට විඳි චිත්තප්‍රිතියට අනුබල දුන්නා විතරයි.ප්‍රේමය ද පරිත්‍යාගයද අති උත්තම හැඟීම් වෙතැයි සිතා සිටි ඒ යුගයේ ඇයව පෙනුනේ මහ උපහාසාත්මක දෑසකින්.

Monday, August 16, 2010

සේකර........


ජීවිතය
2010 ජනවාරි 22 සිකුරාදා තැබූ සටහනක්
සේකර ගැන රසික (රසික ජයකොඩි- රිවිර ඉරිදා)‘ දවසක්දා හැන්දෑවක‘  හි ලියා තිබුනා, සේකර විෂය නො‍වෙතත් ඔහුගේ ‘නොමියෙමි’ ගැනයි සටහන තිබුනේ. ‘නොමියෙමි මම කියෙව්වේ 2009 ජුනි විතර.අමරෙද්වයන් සිංදුවක් කොට ගයන ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීය නිසඳැසක වේශයෙන් ‘නොමියෙමි’ හි තියෙනවා.සේකර හදවත් රෝගයකින් පෙලමින් මරණයේ දොරටුවත් ජීවිතයේ එළිපත්තත් යුගලයම ඒක විට ස්පර්ෂ කරමින් ගතකරපු යුගයක ලියවුනු නිසඳැස් ටිකක්.අන්තිම නිසඳැස ‘පුතය වගේ මම යනවා ,බස් එකෙන්ම ගෙදර යන්න’ ආදී ලෙස අවසන් කොට තිබුනා.සමහර කෙනෙක්ට ජීවිතය කියන්නේ ඒතරම්ම සරල සංකල්පයක්.මම ජීවිතය ගැන සරලව හිතන්නෙ නැහැ කවදාවත්.මම විෂ්වාස කරන්නෙ හැමෝම ජීවිතය ගැන හිතනන්න ඕන ගාම්භීර විදියට.ඒහෙත් ඒ සංකල්පය සේකරෙග් සරල ජීවන දහම අඩංගු ‘නොමියෙමි’ රස විදින්න බාධාවක් උනේ නැහැ.තමන් අදහන දර්ශනයම හරය කරගත්තු කලාංගයක් එය රසවිදින්නාට අනුව යහපත් කලා කෟතියක් වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි.  කලාකෘතියක් රසවිඳීම තමන්ගේ අවසාන ජීවන අරමුණට රුකුල් නොදෙන්නක් නම් එවැන්නකින් ලැබෙන ප්‍රතිපලය ඉතාම අල්පයි.කොටින්ම ඉන් අයහපත් ප්‍රතිපලයක් වුව අත් වෙන්න පුලුවන්.
මේ සංකල්පය දිව යන්නේ මම එක්තරා කලකට ඉහතදි සාදනය කරගත්තු දර්ශනයකටයි.සුපිරි පරිපූර්ණ නිදහසකට වඩා , කිසියම් අරමුණක් වෙනුවෙන් ගැතිකම් කරන හිතක මහිම ඉහල වෙයි.කොටින්ම නිදහස් මනසක් ,නිදහස් මිනිසෙක් කියන්නෙ අරමුණක් නැති හිස් මනුෂ්යෙක්.තමන් කරන කියන හැම දෙයක්ම ඒ අරමුණ වෙතම එල්ල වෙච්ච විටකදී ඒක  වඩාත් ආෂ්චර්යමත්.කෙනෙක්ගේ යථෝක්ත අරමුණ කලා කෘතියකින් මිහිර සෙවීම නම්, එනම් එයම ජීවිතය කරගත්තෙකුට ඒක ප්‍රහර්ෂයක් වෙන්න බැරි කමක් නහැ.පුවත්පත් සගයෙකුට ඒක එහෙම වීම අනපේක්ෂිත දෙයක් නෙවෙයි.ජීවිතයේ කාලයක ගීතයක අර්ථය , නවකතාවක යටි පෙල සොයමින් එය සොයා ගන්නා ලදින් ,හෙරා පොලිස් කෙලියේ හොරා ඇල්ලූ පොලිස් භටයෙකුගේ ලාමක ප්‍රීතිය වින්දෙමි.ඒවා මුග්ධකම් යයි නොහඟමි.ජීවිතය ඇත්තටම මහ චමත්කාරජනක යන්ත්‍රයක්.සේකර ගැන ලියද්දි අනිවාර්යෙන්ම ලිවිය යුතු තවත් දෙයක් තියෙනවා.මට ශක්තිය දෙන්නෙ සේකරගේ නිර්මාණයක තිබුණු පද කිහිපයක්.“ජීවිතයේ තෙරක් නොපෙනෙනා දුක් අභිමුව චමත්කාරයක් වනු මැන“ 

Friday, August 13, 2010

විශ්වවිද්‍යාලය


කුණු වී පල් ගඳ ගසනා
පිළුණු කෑම උතුරා යයි
පිනට බෙදන දන්සලක්ය
බැතිමත්තෝ පොරකා කන

දිවා රුයේ නිදි වරලා
වෙර වීරිය කරලා
අපමණ සුව සිහින මල්ල
හිසේ තියං මෙහි ආවේ

ණැන සයුරක පහස ලබා
රිස(ර්)ච් ප්‍රොජෙක්ට් තව කරලා
පේබ(ර්)ස් පබ්ලිෂ් කරලා
පොරක් වෙන්න හිතං ආවෙ

විභාගයෙන් විභාගයට
සූදානම් වෙනවා හැරුනම
අන් කිසිවක් කරනු තියා
හිතන්නවත් නැහැ වෙලාව

සෙවල බැඳුණු බිත්ති පුරා
පුස්කෑ  ෙඩස් බංකු පුරා
අලුෙතන් සායං ගාලා
බෑ කරන්න විපරියාස

අලුෙතන් බිජුවට ඉහලා
වැටෙකාටු හැම බිඳ දමලා
නවමුව හිතනා ගුරුවරු
ෙගනත් දියව් ෙහටවත් මට

Thursday, August 12, 2010

............................................

අමා වැස්සක් විලස පතිතව
නියං සායෙන් පැලුනු පොලොවට
තෙත සිසිලස යුවල නොදී
ඇද හැලිලා ඔබ ගියා මැකී

සාහිත ප්‍රේමය ලොවේ මවන්නට
ප්‍රේමාවේෂව මොක් සුව විඳි මට
අමාවක රන් තරුව ලෙස නැග
මැදියමටත් පෙර නිවී ගියා ඔබ

සීත යුගේ ගැහෙන සිසිලෙන්
දෑත පොරවා බලා හිඳියෙමි
රනින් දැවෙමින් හිරු සේ පෙනී
පරව ගියා ඔබ උණුහුම නොදී

Monday, August 9, 2010

.................

මහද සසිල් සුව අරණේ 
ලැගුම් ලැබුව පින්වන්තී
මහද අදර දෙවොල පුරා
සක්මන් කර එය සැරදසූ

ප්‍රේමය මල් සුවඳක් මැයි
ඔබ එය දුන් පුෂ්පය මැයි
ම්‍රදු හදකින් මා වින්දේ 
සුවඳ පමණි ඒ කුසුමේ

රොනට ඇදුනු බඹරු පතා
සුවඳක් මිස කිසිත් නොවිඳි
මා ආදර දෙවොල සිඳා 
මල ඈතට යන්න ගියා
Photoshopped Rose With Desaturated Background

Sunday, August 8, 2010

දුයිෂන්ත්

පුරා සිය මුලු දිවියම
හ0ගා හැඟුමි හොරහම
ගෙවා කල් රටටම
දරා හුදෙකල් තනිවම

අවපස යුගයෙම
තැ‍ෙවමින් ඈ ගැන
රවටා තම සිත
ගෙවූ අතීතය

කුමටද මෙලොවම 
ලැබුනත් මා හට
නැතිනමි ඇය මට
තනිව හිතයි අද