මේ සටහන අපේ කාලයේ ගුවන්විදුලි වැඩසටහන් ගැනයි, එනම් මම ආශාවෙන් ගුවන්විදුලිය අහපු යුගය ගැනයි මේ කියන්න හදන්නේ.ඒ කියන්නේ 2003 පමන සිට 2008 පමන වනතුරු.
මුලින්ම මට මතක් වෙන්නේ සිරස ගුවන් විදුලිය, එහි නිහාල් වික්‍රම එදිරිසූරිය, ඔහුගේ 'මියැසි තොටුපල' වැඩසටහන, එය විකාශය උනේ අඟහරුවාදා රාත්‍රී 10 ට පමන, මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් ඔහු මේ වැඩසටහන කලා. ඒ වැඩසටහන අවසාන කිරීමෙන් පසු ඔහු "මියැසි තටාකය" නමින් පසු කලෙක රට වටා ප්‍රසංගයක් රැගෙන ගියා, එහි මුල්ම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂනය කලේ කසුන් කල්හාර, පසුව එය සුරේශ් මාලියද්ද වෙත පැවරුනා, මියැසි තොටුපල ගුවන් විදුලි වැඩසටහන වෙනුවෙන් නිහාල නිර්මානය කල හඳුන්වාදීමේ ඛන්ඩය(trailer) මට තවම මතකයි..
"ශ්‍රී ලාංකේය කලාකෙතේ පෙර සුවඳ වර්තමානයට කැන්දා, ඉන් එරුනු වින්දනය දොවා දෙන... " ඔහු ඒ වෙනුවෙන් පසුබිමෙන් වාදනය කල ගීය අමරදේවයන්ගේ 'රෑ දුරු රට මේ හිම වරුසා සීත පාලුවේ...' කියන ගීය, ඒ ගීය මා මුලින්ම ඇසුවේත් ඒ වැඩසටහනෙන්මයි.සිරස සතු එක් යහපත් ගුනයක් , එනම් රසිකයාට එපා වෙනතුරු වැඩසටහනක් ඉදිරිපත් නොකිරීම, අනුව යමින් ඔහු ඒ වැඩසටහන වගේම ඒ ප්‍රසංග මාලවත් බොහෝ කල් කලේ නෑ,ලංකාවේ ගුවන් විදුලි මාද්‍යට වගේම , අපේ සිංහල ගීත සාහිත්‍යටත් නිහාල් මහත්මයාගෙන් සිදුවුනු සේවය ගැන වෙනමම ලිපියක් ලිවීමට තරම් කරුනු හිඟ නැහැ.ඔහු විසින්ම ඉදිරිපත් කල සිරස 'සති අග සාදය' ත් සිහි කල යුතුමයි, අද ඉතාම ප්‍රකට විචාරකයෙක් වන සේපාල අමරසිංහ මහත්මයා සිනමාව, කලාව වගේ කාරනා ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ මුලින්ම අසන්නෙක් විදියට දුරකතනය ඔස්සේ සම්බන්ද වෙමින් කරුනු දැක්වූයේ මේ වැඩසටහනට.එදා සති අග සාදයට නිරන්තරයෙන් අදහස් පල කල සේපාල මහත්මයා වගේ යාවජීව සාමජිකයින් කිහිපදෙනෙක් ම සිටියා, පානදුර පරදේශයේ පාලිත යන අනවර්ත නමින් පෙනී සිටි මහත්මයෙක්, දෙහිවල මාලනි නම් මහත්මියක්,පෝල් බන්ඩාර නම් මහත්මයෙක්, ආනන්ද නම් මහත්මයෙක් යනාදී ලෙස(කලාව ආනදයෙන් ඇරඹී ප්‍රඤාවෙන් කෙලවර විය යුතුය යන අද ඉතාම සුලභව හැමෝම වගේ ගෙනෙන උපුටනය , මුලින්ම නිතර නිතර භාවිතා කලේ මේ ආනන්ද කියන මහත්මයා.)
සිරසේ විකාශය වුනු අමතක කල නොහැකි අනෙක් වැඩසටහන , ලාල් ආනන්ද අභේධීර මහත්මයා ඉදිරිපත් කල 'ආනන්ද රාත්‍රිය', එයත් සුන්දර සිංහලා ගීත වගේම ඉතාම මියුරු පැරනි හින්දි ගී, විෂේශයෙන් බ'මන්ගේ ගීත වාදනය කල වැඩසටහනක්.(ලාල් ආනන්ද අභේධීර මහතා ඉතාම මියුරු ලෙස භාෂාවෙන් විස්කම් පානා අග්‍රගන්‍ය පූරකයෙකි, වර්තමානයේ ජාතික රූපවාහිනියේ 'සඳ රඟ මඩල' සොඳුරු සංගීත වැඩසටහන ඔහු ඉදිරිපත් කරයි, ඉඳහිට දිනෙක ස්වාධීන රූපවාහිනියේ සංහිඳටද සම්පත් දායකයෙකු ලෙස ගොඩ වෙයි.ප්‍රිය මිතුරනි ඔහු භාෂාවෙහි පානා විසුතුරු කම් හෙයින් මා සිතා සිටියේ ඔහු භාෂා ගුරුවරයෙකු වගයි,නැත , ඔහු සංගීත ගුරුවරයෙකි! )
ඉන්පසු මට මතක් වෙන්නේ "නේත්‍රාංජලී"ය. නෙත් ගුවන් විදුලිය ආරම්භ කල යුගයේ සෙනසුරාදා රාත්‍රී 10 සිට 12 වනතුරු කැලුම් ශ්‍රීමාල් මහත්මයා විසින් ඉදිරිපත් කල වැඩසටහනක් එය.ජීවිතය ජයගත් සුන්දර චරිත සමග ඔවුන්ගේ ජීවිත පිලිබඳව කෙරුනු ඉතාම සංවේදී වැඩසහනක්, මහචාර්ය සරත් විජෙසූරිය, ජැක්සන් ඇන්තනී(එදා වැඩසටහන මෙහෙයවූයේ නුවන් ලියනගේ), නන්දන වික්‍රමගේ, ශ්‍රේෂ්ඨ ගායිකා නන්දා මාලිනිය,ජයලාල් රෝහන,සෝමපාල හේවාකපුගේ( IGP මුද්‍රණාලය ) වැනි අය සමග කල වැඩසටහන් මට නිරායාසයෙන් සිහි කල හැකිය.
නෙත් ගුවන් විදුලියේම සිකුරාදා රාත්‍රියේ විකාශය වූ , නිමල් ලක්ශපතිආරච්චි මහත්මයා ඉදිරිපත් කල වැඩසටහනත් මා ඉතාම ආශාවෙන් සවන් දුන්නා.
ලක් හඬ ගුවන් විදුලියේ ඉන්ද්‍රසිරි සුරවීර මහත්මයා , සිකුරාදා රාත්‍රියේ ඉදිරිපත් කල , 'සිකුරාදා රෑ'වැඩසටහනත් ඉතාම විෂිශ්ට වැඩසටහනක් වුනා,අද ප්‍රකට ගීත රචකයෙක් වගේම විචාරකයෙක්ද වන ධම්මික බන්ඩාර මහත්මයා මුලින්ම සම්පත් දායකයෙක් විදියට සම්බන්ද වුනෙත් මේ වැඩසටහනටයි, විරෝදාකල්ප ගී ගැන කතා කරද්දි පිලිම නෙලා නැති විරුවන් කියන ගීය ගැන ,ඔහු ඉදිරිපත් කල විවරනය සංවේදී එකක් වුනා.එකල ගීත රචකයෙක් විදියට ප්‍රසිද්දියට පත්වුනු කවිකීර්ති හිමියන්ව මේ වැඩසටහනට ගෙන්වලා , එකල භික්ෂූන් වහන්සේ කෙනෙක් විසින් නොලිය යුතුව තිබුනේ යැයි සමජයේ කතා බහ වුනු 'කිරි වෙහෙරට ඉහලින් දඟ කරන සඳවතී' යන ගීය ගැන , ස්වාමීන් වහන්සේගෙන් ඍජුව ප්‍රශ්න කිරීමට, එනම් උන්වහන්සේට , ඒ විවේචනවලට පිලිතුරු ලබා දෙන්නට අවස්තාව ඔහු වරක් සලසා දුන්නා.
ලක් හඬේම ගුවන් ගත් 'කසුන්ගිර' කෙසේ අමතක කරන්නද? එය ගුවන් ගත්තේත් සෙනසුරාදා රැයෙහි වුවත් , පසු කලෙක නේත්‍රාන්ජලියට මැනිකේ අත්තනායක, කොරීන් අල්මේදා වැනි පැතලි චරිත පැමිනීමට පටන්ගැනීමත් සමග ලක් හඬ කසුන්ගිර අසන්නට අවස්තාව උදාවුනා.කසුන්ගිර ට සහභාගී වුනේ සරත් විජේසූරිය මහත්මයා සමග තවත් එක ආරාධිත පුද්ගලයෙක්.එය තාරුන්‍යයයේ එලිපත්තේ උන් අපවැන්නවුන් ඉලක්ක කර ගනිමින් ගුවන් ගත් ඉතා වැදගත් වැඩසහනක්.
ලක් හඬ ගැන කතා කරද්දී දක්ෂින බෝධිනායක මහත්මයා ඉදිරිපත් කල 'සඳුන් අරණ' අමතක නොකල යුතුමය.ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහලට නැගුනු , උත්සාහයෙන් ජීවිතය ජයගත් අයවලුන් සමග ඉදිරිපත් කල වැඩසටහන්ක් විය එය.නීට් ටෙක්නොලොගීස් ආයතනයේ අධිපතිවරයාත්, දයා සමූහ ව්‍යාපාරයේ අධිපති වරයාත් සමග කල වැඩසටහන් මගේ මතකයෙන් ගිලිහී නොයයි.
ලක් හඬ දේදුනු පාලම ද රසවත් වැඩසටහන්ක් විය,අසනන් සිය කැමති ගීතය කැමති හේතුව සමග ඉදිරිපත් කලයුතු විය.වර්තමානයේ ගීත රචකයෙකු ලෙසද ප්‍රචලිත අම්පාර රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා එහි යාවජීව රසිකයකුව සිටියේය.
මේ වැඩසටහන් අතරින් කෙනෙක් මගෙන් විෂිශ්ඨතම වැඩසහන කුමක්දැයි ඇසුවොත් මට ඉඳුරාම සිහි වන්නේ 'නේත්‍රාංජලී' යයි.දෙවනුව 'සිකුරාදා රෑ', 'මියසි තොටුපල' සමග කෙරෙන තියුනු තරඟයකින් අනතුරුව ස්ථානගත කරමි.
ඇසුර ගුවන් විදුලියේ 'කලාලය'ත්, 'මැති සකි සඳ'ත් මා ආසාවෙන් සවන් දුනිමි.
ලක් හඬ 'රැයේ ඇසෙන ගී' ද ඉතාම ආශාවෙන් සවන් දුනිමි.විදුලි පහන් නිවා දමා දෑස පියාගෙන එහි ඉමිහිර සිත්සේ ආලෝලනය කලෙමි.